ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් වෙතින් රත්න­පුර රෝහ­ලට PCR යන්ත්‍ර­යක් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් වෙතින් රත්න­පුර රෝහ­ලට PCR යන්ත්‍ර­යක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩල සාමාජිකයන් රත්නපුර ශික්ෂණ රෝහලට අත්‍යවශ්‍ය PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සඳහා දායකත්වය දක්වන ලදී.

රත්නපුර ශික්ෂණ රෝහල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පරිපාලනය වන සබරගමුව පළාතේ විශාලතම රෝහල වන අතර වර්ග කි.මී 4968ක පමණ භුමි ප්‍රමාණයකට පිහිටි කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක තුළ වාසය කරන මිලියන දෙකකට අධික ජනතාව සඳහා මෙන්ම අනෙකුත් ආසන්න පළාත් සඳහාද සේවය සපයයි.

පවත්නා තත්වය තුළ දිනපතා අවශ්‍ය PCR පරීක්ෂණ කටයුතු ඉටුකරගැනීම සඳහා PCR යන්ත්‍රයක අවශ්‍යතාවය හඳුනාගනිමින් එම යන්ත්‍රය මිලදී ගැනීම සඳහා දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය ඉදිරිපත්වූ අතර ඔවුන්ගේ දිනක වැටුප මේ සඳහා ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කරන ලදී. ඒ අනුව රු. මිලියන 5 ක පමණ වටිනාකමකින් යුක්ත PCR යන්ත්‍රය රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කල අතර කොවිඩ් 19 මර්දනය සඳහා සටන්වදින රාජ්‍ය සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් අනුගමනය කරන ලද තවත් පියවරක් ලෙස මෙම පරිත්‍යාගය හැඳින්විය හැකිය.

Comments