රොසෙල් නව­තම ප්‍රද­ර්ශ­නා­ගා­රය ගාල්ලේ | සිළුමිණ

රොසෙල් නව­තම ප්‍රද­ර්ශ­නා­ගා­රය ගාල්ලේ

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් ඇතුළු බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ලේදී විවෘත කෙරිණි. නො 77, W.D.S අබේගුණවර්ධනය මාවත, පෙට්ටිගලවත්ත, ගාල්ල යන ලිපිනයෙහි පිහිටා තිබෙන මෙම සුවිශේෂී සංකල්ප ප්‍රදර්ශනාගාරය සුඛෝපභෝගී නූතන සහ අංග සම්පූර්ණ ටයිල් හා බාත්වෙයා නිමැවුම් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. සුවිශේෂී ජීවන ඉඩහසර තුළ විශිෂ්ට නිර්මාණාත්මක ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කෙරෙන්නා වූ මෙම ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ නව අත්දැකීමක අසිරිය විඳ ගන්නා මෙන් රොසෙල් සිය පාරිභෝගිකයන් හට ඇරයුම් කරයි.

පාරිභෝගිකයිනට සිය රුචිකත්වය අනුව අලංකාර නිමාවකින් යුතු ටයිල් හා බාත්වෙයා කට්ටල මිලදී ගැනීමට අවස්ථාව සපයමින් ගොඩනගා ඇති වර්ග අඩි 7000 ක් පුරා පැතිරුණු මෙම සුඛෝපභෝගී ප්‍රදර්ශනාගාරය රොසෙල් හි 73වන ප්‍රදර්ශනාගාරය ද වේ.

Comments