ජන­ප්‍රි­යම වෙළෙඳ නාම­යට හිමි සම්මා­නය සිංගර් දිනා ගනී | Page 2 | සිළුමිණ

ජන­ප්‍රි­යම වෙළෙඳ නාම­යට හිමි සම්මා­නය සිංගර් දිනා ගනී

ශ්‍රී ලාංකිකයන්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු 'සිංගර්' සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වන වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළෙඳ නාමය” ට (People’s Brand of the Year 2021) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. තවද “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමයÓ (People’s Youth Choice Brand of the Year 2021) සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“ (People’s Durables Brand of the Year 2021) ලෙසින්ද සිංගර් මෙවර සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂී වේ.

වසර තුනකට පසුව “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය“ ට හිමි සම්මානය සිංගර් දිනා ගැනීම පිටුපස තිබෙන ප්‍රධාන බලවේග ලෙස වර්තමාන වෙළඳ පොළට වඩාත් උචිත නවෝත්පාදන සහ උපායශීලි අලෙවිකරණ සහ සන්නිවේදන උපායමාර්ග/ ප්‍රතිපත්ති භාවිතය ලෙස හැඳින්විය හැකිය.

2021 SLIM ජනතා සම්මාන උළෙල මෙරට පාරිභෝගිකයන් අතර වඩා ජනප්‍රිය මෙන්ම පාරිභෝගික ආකර්ෂණය දිනාගත් වෙළෙඳ නාම සහ පුද්ගල නාම සඳහා සම්මාන පිරිනමන දැවැන්ත වාර්ෂික උළෙලකි. මෙම සම්මාන උළෙල අලෙවිකරණය සඳහා ජාතික ආයතනය වනSri Lanka Institute of Marketing (SLIM) සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ මෙම සම්මාන උළෙල සුවිශේෂි සම්මාන උළෙලක් ලෙස සටහන් වන්නේ නාම යෝජනා සහ ජයග්‍රාහකයන් යන දෙපාර්ශ­්වයම ජනතාව විසින් තෝරා ගැනීම හේතුවෙනි.

Comments