වස විස නැති අලුත් අවු­රුදු කෑම මේසය | සිළුමිණ

වස විස නැති අලුත් අවු­රුදු කෑම මේසය

ආහාර සංස්කෘතියක් යනු ඕනෑම ජන සමූහයකගේ අනන්‍යතාව ප්‍රකාශ කරන පාරම්පරික දැනුම් සම්භාරකයකි. එය ක්‍රමයෙන් ගොඩනැඟෙමින් වැඩී වර්ධනය වී පරම්පරාවෙන් පරම්පරාවට එන ඥානයකි. එම ආහාර රටාව ඒ පරිසරයේ ජීවත්වන මිනිසුන්ගේ නීරෝගී පැවැත්ම සඳහා අනිවාර්ය සාධයක් වූයේය. යම් පරිසරයක ගහ කොල ගෙඩි මල් හටගත්තේ ඒ පරිසරය තුළ ජීවත්වන ජීවීන්ගේ පැවැත්මට බව පැරුන්නෝ වටහා ගත්හ.

ජාතියක් විදිහට බෝ නොවන රෝග ව්‍යසනයට අප මුහුණ දී සිටින්නේ ඒ ආහාර රටාවෙන් මිදීමේ නියත ප්‍රතිඵලයක් ලෙසය.

නැවත ඒ ආහාර රටාවට ජාතිය යොමු කිරීමේ සංවාදයක් දැන් රට තුළ ඇති වෙමින් තිබේ. දේශිය ආහාර සම්බන්ධව වෙනම විද්වත් කණ්ඩායමක් සහිතව පූර්ණකාලීන පර්යේෂණ සිදුකරන මැල්සිරිපුර උමංදාව එවැනි එක් සාධනීය ස්ථානයකි. ඔවුහු මෙවර සිංහල අලුත් අවුරුදු කෑම මේසය වස විසෙන් තොරව, දේශීය ආහාර රටාවට එකඟව නව මුහුණුවරකින් සකසා ගත හැකි ආකාරය රටට ඉදිරිපත් කරති. මේ ඒ දැනුම ඔවුන් අපට ලබා දෙන ආකාරයයි.පාට

 

ඉඹුල් කිරිබත්

 

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් කිලෝවක්

පොල් ගෙඩි දෙකක පොල් කිරි

පොල් පැණි

ලුණු ස්වල්පයක්

නිල් කටරොළු මල් 20ක්

 

සාමාන්‍ය පරිදි කිරි බත පිස ගැනීමට අවශ්‍ය ජලය ප්‍රමාණයට නිල් කටරොළු මල් 10ක් දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. එම ජලය සෝදා ගත් හාල් ටිකකට දමා බත හොඳින් පිස ගන්න. ඉතිරි කටරොළු මල් සහ ගා ගත් පොල් එක් කර බ්ලෙන්ඩර් කර ගන්න. එම පොල්කිරි ටික දමා දැන් කිරිබත පිස ගන්න. අමුකොළපතක් ගෙන එයට සදා ගත් නිල් කිරිබත් ටිකක් දමා මැදට පොල්පැණි ස්වල්පයක් දමා ගුලියක් සදා ගන්න. ලන්ච් ෂීට් එකක් වුවද භාවිත කළ හැකිය.

Comments