යාප­නය නග­රා­ධි­පති ත්‍රස්ත විමර්ශනයට | සිළුමිණ

යාප­නය නග­රා­ධි­පති ත්‍රස්ත විමර්ශනයට

ල්ටීටීඊ පොලිසිය විසින් හඳුන්වා දුන් ඊළාම් පොලිසියේ නිල ඇඳුම් භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇත. ඔහු එතෙර කොටි හිතවාදී ඩයස් පෝරාව සමඟ එකතුව මෙරට යළි යම්කිසි එල්ටීටීඊ ක්‍රියාකාරීත්වයක් ඇරැඹීමට කටයුතු යොදන්නේදැයි සෙවීම පිණිස මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇතැයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය.

නගර සභා සේවකයන්ගෙන් සැදුම්ලත් බළකායක් පිහිටුවා ඔවුන් මහා මාර්ගයේ මහජන සේවාව පිණිස යොමු කර ඇත්තේ එල්ටීටීඊ සමයේ භාවිත කළ ඊළාම් පොලිසියේ නිල ඇඳුම් ලබා දීමෙනි. එම සේවකයන් නගරයේ කසල දමන්නන් අධීක්ෂණය කිරීම, දඩ මුදල් එකතු කිරීම, වාහන හැසිරවීම, කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම වැනි කටයුතු සඳහා යොමුකර තිබේ. නගරාධිපතිවරයා විසින් මෙසේ යොදවන ලද සේවකයන් 5 දෙනාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Comments