‘නිවන වඩන වන­ගත අරණ’ අද එළි දකී | සිළුමිණ

‘නිවන වඩන වන­ගත අරණ’ අද එළි දකී

“අජරාමර ලෝකය”, “අබුද්ධස්ස කාලයේ බුදු සසුන”, “විදු ඇස් පාදන බුදු රැස්” සහ “බුද්ධෝත්පාද ලෝකය” කෘති රචනා කළ මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහයන්ගේ නවතම ගවේෂණාත්මක ග්‍රන්ථය “නිවන වඩන - වනගත අරණ” නමින් 28 ඉරිදා (මැදින් පුන් පොහෝදා) උදෑසන 10.00 ට ඓතිහාසික කලවාන පාරේ පූජා ලෙන ආරණ්‍ය සේනාසනයේ දී එළි දැක්වේ.

කොළඹ 10, මරදාන පාරේ, අංක 791 හි (තක්සේරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට) පිහිටි “සාහිත පොත් පියසෙහි” නවතම ප්‍රකාශනයක් වන මෙය “කෙලෙස් තවන නූතන යෝගියෝ” පොත් පෙළෙහි පළමුවැන්නයි. “සබ්බාසව සූත්‍රයේ එන ප්‍රතිපදා හත”, “භාවනාවට පෙර දුරැලිය යුතු ආශ්‍රව හෙවත් කෙලෙස්”, “භාවනාවෙන් දකින සිත කය සහ භවය” යනාදී මාතෘකා යටතේ කතුවරයා වනගත ආරණ්‍ය ජීවිතයේ දී ලද ප්‍රයෝගික භාවනා අත්දැකීම් මෙහි සරලව රසවත්ව ඉදිරිපත් කර තිබේ. සිංහරාජ අඩවියෙහි හුදකලා වන අරණක වැඩවෙසෙන පරිණත භාවනායෝගී තෙරණුවෙකු විසින් ආධුනික භාවනායෝගියෙකු වෙත ලබා දෙන ලද “නිවන් මගෙහි පළමු පියවර” හෙවත් “භාවනා පූර්ව කමටහන්” කතන්දරයක් පරිදි පෙළ ගස්වා ඇත.

Comments