මුඛයේ දුර්ග­න්ධය නිසා දික්ක­සා­දය පතන ගුරු­ව­රි­යක් | සිළුමිණ

මුඛයේ දුර්ග­න්ධය නිසා දික්ක­සා­දය පතන ගුරු­ව­රි­යක්



තම විවා­හක සැමියා තදින්ම බීඩි හා සිග­රට් පාන­යට ඇබ්බැහි වී ඇති බවත් ඔහු නිතර කරාඹු යුග­ලක් කනේ පලඳින බවත්, ඒ නිසා ඔහු­ගෙන් තමාට දික්ක­සාද වීමට අවශ්‍ය බවත් පව­ස­මින් 25 හැවි­රිදි එක් දරු උපා­ධි­ධාරී ගුරු­ව­රි­යක් ඉකුත් දා උහන පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කළාය.

දිවං­ගත ඩී.එස් සේනා­න­යක ශ්‍රීම­තා­ණන්ගේ ගල්ඔය ගොවි­ජ­න­පද යොජනා ක්‍රමයේ 23 වැනි ජන­ප­දය වුයේ ගල­හි­ටි­යා­ගො­ඩය. ගල­හි­ටි­යා­ගොඩ ග්‍රාමයේ ඉපදී හැදි වැඩුණු සුමනා විර­සිංහ අධ්‍යා­ප­නය ලැබු­වේද ගමේ පාස­ලෙනි. ඉගෙ­නි­මට දක්ෂ ඇය විශ්ව­වි­ද්‍යාල වරම් ලබා උපා­ධි­ධා­රි­නි­යක් වුවාය. ඒ අත­ර­තුර දැන­හැ­ඳින ගත් 21 ජන­ප­දයේ කුමා­රි­ගම ග්‍රාමයේ පදිං­චිව සිටි ගැමුණු නානා­ය­ක්කාර නම් තරු­ණ­යකු සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති කර­ගෙන තිබුණි. ප්‍රේමය දලු ලා වැඩෙද්දි සුම­නාට ගම් ප්‍රදේ­ශ­යේම ගුරු පත්වී­මක්ද ලැබුණි. ගැමු­ණුට හරි­හ­මන් රැකි­යා­වක් නොවූ අතර ඔහු කළේ එදි­නෙදා කුලී වැඩයි. නමුත් එය ‍ප්‍රේමයට බධා­වක් නොවුණි.
සුම­නාට රැකි­යාව ලැබී ටික කල­කින්ම සුමනා හා ගැමුණු අතර විවා­හය සිදු විය. විවාහ වීමෙන් වස­රක් ගත වෙද්දි ඔවුන්ගේ කැදැ­ල්ලට සුර­තල් දිය­ණි­යක්ද එක් විය. මේ වන විට ඇයගේ වයස අවු­රුදු 4කි.
ඉකුත් දිනක සුමනා සිය දිය­ණි­යද කැටුව උහන පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එල්. ඩී. එන් කරු­ණා­රත්න ඉදි­රියේ පෙනී සිට එතෙක් සිය රාජ­කාරි ජිවි­තයේ ඔහු අසා නොතිබූ පාපො­ච්චා­ර­ණ­යක් කළාය.
‘මම උපා­ධි­ධාරි ගුරු­ව­රි­යක්. මේ දරු­වාට වයස අවු­රුදු 4 යි. අපි බැදලා අවු­රුදු 5 ක් වෙනවා. මම බැන්දේ ප්‍රේම සම්බ­න්ධ­යක් මත. ඔහුට රැකි­යා­වක් තිබුණෙ නැහැ. නමුත් මට රස්සා­වක් තිබුණ නිසා අපි කසාද බැන්දා. බැන්දට පස්සේ තමයි සර් මම ගැමු­ණුගේ නියම තත්ත්වය දැන­ගත්තේ. ඔහු තදින්ම බීඩි උර­න්නත් සිග­රට් බොන්නත් ඇබ්බැහි වී සිටියා; මත්පැ­නුත් බිව්වා. ඒ මදි­වට ඔහු ඔහුගේ කනේ එක එක මාදි­ලියේ කරාඹු දානවා. හරිම කැතයි. කොච්චර කිවත් ඔහු ඔහුගේ පුරුදු අත්හැර ගන්න කැමති නැහැ. මේක මට හරි වද­යක් සර්. බීඩි ගද දැනෙන කොට මට වම­නය යනවා. ළඟට යන්න හිතෙ­න්නෙත් නැහැ. එත­කො­ටත් තවත් ප්‍රශ්න ඇති වෙනවා. විවාහ වුණ අලු­තත් මේ ප්‍රශ්න පිළි­බ­ඳව පොලි­සි­යට පැමි­ණිලි කළා. පොලි­සිය ඔහුට අව­වාද කළා. එත් වැඩක් වුණේ නැහැ. සර්, මම ගුරු­ව­රි­යක්; මගේ මිනිහා කරාඹු දලා ඉන්න­කොට මම කොහො­මද ළම­යින්ට මුහුණ දෙන්නේ ?මම කොහො­මද ඔහුත් එක්ක ගම­නක් බිම­නක් යන්නේ? එහුගේ එම නොමනා පුරුදු අත්හැ­ර­ගන්නා ලෙස කෙතෙ­කුත් ඇව­ටිලි කරත් ඔහු ඒවා ගණ­න­කට ගන්නේ නැහැ. මේක මට මහා වද­යක් සර්. මේ තත්ත්වය මට තවත් ඉව­සන්න බැහැ. මට දික්ක­සාද වෙන්න ඕන; ඒකට මට උදව් කරන්න‘
අද සමා­ජයේ බොහෝ දුරට විවා­හ­කයෝ දික්ක­සාද වෙන්නේ නොගැ­ළ­පීම, අනි­යම් සබ­ඳතා, ගෘහස්ත ප්‍රච­ණ්ඩ­ත්වය, ලිංගික හිංස­නය, දුරා­චා­රය වැනි ක්‍රියා­කා­ර­කම් නිසාය. නමුත් මෙහිදි සුමනා දික් කසා­දය ඉල්ලන්නේ ගැමු­ණුගේ බීඩි සිග­රට් බිම නිසා මුඛ­යෙන් වහ­නය වන දුර්ග­න්දය ඉව­සීම නොහැකි නිසාය.
මෙහිදි මෙම පැමි­ණිල්ල විභාග කරන අත­ර­තුර තම චර්යා­වන් මින් ඉදි­රි­යට අත්හ­රින බවට ගැමුණු පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඉදි­රියේ පොරොන්දු වී ඇත. ඒ අනුව තම චර්යා­වන් වෙනස් කර නොග­ත­හොත් අනි­වා­ර්යෙන් දික්ක­සාද වීමට සිදු­වනු ඇති බවත්; ඉදිරි සති­යක කාල­ය­කින් පසු දෙදෙ­නාම තමා හමු­වට පැමිණ තත්ත්වය පැහැ­දිලි කරන ලෙස දන්වා ඇත. එසේ නොවන්නේ නම් සිවිල් නඩු­වක් දමා ප්‍රශ්නය අධි­ක­ර­ණ­යෙන් විසදා ගන්නා ලෙසත් දන්වා ඇත.
මේ වන විට සති­යක කාලය ඉකුත් වී ඇතත් තව­මත් දෙදෙ­නාම පොලි­සි­යට නොපැ­මිණි බව පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කළේය.
(නම් ගම් පම­ණක් මන:කල්පි­තය)

Comments