Aasa IT නිර්මාණය කළ mmPro මෘදුකාංගයට NBQSL සම්මාන උලෙළේදී රන් සම්මානයක් | Page 2 | සිළුමිණ

Aasa IT නිර්මාණය කළ mmPro මෘදුකාංගයට NBQSL සම්මාන උලෙළේදී රන් සම්මානයක්

 

වැලි ඇතුළු ඛණිජ කර්මාන්තයේ ප්‍රවාහන ගැටලු සඳහා Aasa IT ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟ එක්ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙනුවෙන් සංවර්ධනය කළ විසඳුම වූ තාක්ෂණික මෘදුකාංගයට NBQSL සම්මාන උළෙලේ දී රන් සම්මානයක් හිමිවිය. Aasa IT ආයතනය සකස් කළ කැණීම්, ඛණිජ නිෂ්පාදන හා ප්‍රවාහන අධීක්ෂණ මෘදුකාංගය අනවසර වැලි ජාවාරම් සහ ක්ෂේත්‍රයේ අක්‍රමිකතා රැසකට විසදුම් සපයන අතර පහසුවෙන් ඕනෑම අයකුට සරලව ක්‍රියාත්මක කළහැකි ලෙස නිර්මාණය කර ඇත.

එහිදී වැලිකැණීම් සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ යල්පැන ගිය සාම්ප්‍රදායික ක්‍රියාවලිය ඉතා කාර්යක්ෂම හා පහසු කටයුත්තක් බවට පත් කරයි. එසේම කර්මාන්තකරුවන්ට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ප්‍රවාහනය සඳහා අවසර ලබා ගැනීමේ අවස්ථාව සලසන අතර වාර්ෂිකව රජයට ලැබිය යුතු මිලියන ගණනක ආදායම නිවැරදිව ගණනය කරයි.

Comments