
ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක්ව ඇති ජල සම්පත හා පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ප්‍රජා මූලික වැඩ සටහනක් ලෙස ‘සයුර රකින රැල්ල’ ව්‍යාපෘතිය ඉකුත්දා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සන්නාම තානාපතිවරුන් වන භාතිය හා සන්තුෂ්, එහි සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර, සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
‘සයුර රකින රැල්ල’ වැඩසටහන හරහා ශ්‍රි ලංකා වෙරළ තීරයේ සුන්දරත්වය අනාගත පරම්පරාව වෙනුවෙන් රැක ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ප්‍රජාව දැනුම්වත් කිරිම සිදු කිරීමට අපේක්ෂිතය.