කොවිඩ් දේහ භූම­දා­න­යට මඩ­ක­ල­පු­වේත් ඉඩ­කඩ | සිළුමිණ

කොවිඩ් දේහ භූම­දා­න­යට මඩ­ක­ල­පු­වේත් ඉඩ­කඩ

කොරෝනා අසාදිතයන්ගේ මරණ භූමදානය කිරීම සඳහා ඉරණතිවු දූපතට අමතරව මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමියක්ද වෙන් කළ බව හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සිළුමිණට පැවැසීය.

මේ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම පසුගිය සිකුරාදා සිට ආරම්භ කෙරුණු අතර, එසේ මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් මාර්තු මස 05 වැනිදා භූමදානය කළ කියති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ මාර්ගෝපදේශයන්ට අනුකූලව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව මෙසේ භූමදානය කර ඇත.

Comments