කළු ඉරිදා අදයි | සිළුමිණ

කළු ඉරිදා අදයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් මාර්තු 7 වැනිදා‘කළු ඉරිදාව’( Black Sunday) ක් ලෙස කොළඹ අගරදගරු පදවිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව 7දා දිවයින පුරා කිතුනු දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන්ට කළු ඇඳුමින් සැරසී හෝ කළු අත් පටියක් ගැට ගසාගෙන සහභාගි වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.

Comments