කමාන්ඩෝ අධි­පති වෙනු­වෙන් හර­සර | සිළුමිණ

කමාන්ඩෝ අධි­පති වෙනු­වෙන් හර­සර

කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති හා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ආර්.පී.ඩී.යු. රාජපක්ෂ වෙනුවෙන් කමාන‍්ඩෝ රෙජිමේන්තුවේ ඉඳුරාම අංක 3 කණ්ඩායමේ සියලු සාමාජිකත්වය සංවිධානය කළ දෙතිස් වසරක - අභිමන් හරසර උලෙළ පසුගියදා කොළඹදි පැවැත්විණ.

එහිදි කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉදුරාම අංක 3 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික මාණ්ඩලික සැරයන් විපුල ප්‍රනාන්දු විසින් මේජර් ජනරාල් ආර්.පී.ඩි.යු. රාජපක්ෂ වෙත උපහාර අභිමන් සමරු ඵලකයක්ද පිරිනැමීය. මේජර් රුවන් සමරකෝන් ඇතුළු අංක 3 කොමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්වූහ. ‍

සේයාරූ - සාලිය රූපසිංහ

Comments