රෝ බිය තුරන්වන ජයග්‍රාහී මාසයක් මාර්තු මස ඔබේ ලග්න පලාඵල | සිළුමිණ

රෝ බිය තුරන්වන ජයග්‍රාහී මාසයක් මාර්තු මස ඔබේ ලග්න පලාඵල

මාර්තු 14 න් පසු ගැටලු රැස­කට විස­ඳුම්
 
 මිථුන - කන්‍යා - තුලා - මකර ලග්න හිමි­යන්ට මධ්‍ය ඵල
 
සැම සහ­යෝ­ග­යෙන් වැඩ කරන වක­වා­නු­වකි
 
බුධ ගුරු යුද්ධ­යෙන් ගුරුට ජය
 
නිවාස  නැකත් රැසක්
 
මානව හානි අවම වෙයි
 
ව්‍යාපාරවලින් ලග්න රැසකට ජය
 
රෝග බිය නිවා­රණ වෙයි
 
 

යුද සංග්‍රාම මිනිසුන් මිනිසුන් අතර පමණක් නොව ග්‍රහයන් අතරද සිදු වේ. එබඳු ග්‍රහ යුද්ධ වසරකට දහයක් දොළහක් නිරතුරුවම සිදු වේ. එබඳු ග්‍රහ යුද්ධ අස්ථාවන්හි ඇතිවන උණුසුම් බව අනුව මිනිසුනට ද එයින් යම් තරමක අනිටු විපාක ප්‍රමාණයක් අත්විඳීමට ද සිදුවනු ඇත. මේ අනුව මාර්තු මස 05 වන දින පෙරවරු 8.57ට බුධ - ගුරු අතර ඇතිවන යුද්ධයෙන් නීචවී සිටින ගුරු ජය ගැනීම සතුටුදායක තත්ත්වයක් නම් නොවේ.

 

ගුරු ග්‍රහයා සෞරග්‍රහ මඩුල්ලේ උත්තරීතරම ග්‍රහයා ය. ජන්ම කේන්ද්‍රයක යම් රාශියක් හෝ ග්‍රහයකු දැකීම හෝ ලද පමණින් ජන්මය බලවත් කරන සුළු වුවත් ගුරු නීචව අසුබව පාප පීඩිතව නම් ඉන් ප්‍රතිවිරුද්ධ පැත්තම නියෝජනය කරයි.

එනම් අනිටු විපාකම දෙයි. වර්තමානයේ මේ වන විට ගුරු විශ්වයේ මකර රාශිගත වීමෙන් නීච තත්ත්වයට පත්වී සිටී. එමනිසා සුබ වෙනුවට අසුබ ඵල දීම මේ වන විටත් අපි අත් විඳිමින් සිටිමු. සුබ ග්‍රහයකු සුබ රාශියක සිටින විට සෙසු ග්‍රහයකු සමග සටනට පිවිස ජය ගැනීම සුබ වුවත් නීචව සිටින මොහොතක සෙසු ග්‍රහයකු සමඟ සටන් කොට ජය ලැබීම සුබ නොවෙයි. තවත් විටෙක එසේ යුද වදින්නේ ද බුද්ධියට අධිපති බුධ ග්‍රහයා සමඟ වීම තවත් පැත්තකින් අපට අවාසි සහගත වීමකි.

ඉන් ගම්‍ය වන්නේ බුද්ධිමතා පරදා නීච ගුරු ජය ගැනීම හරියට උන්මත්තකයකු සමාජයට බැස කරන භයානක බලපෑමක් ලෙසයි.

ඒ කෙසේ වුවද මෙම තත්ත්වය සමඟම රටේ පොදු ගැටලු තව තවත් අවුලෙන් අවුලට පත් වනවාට කිසිඳු සැකයක් නැත. ගුරු නියෝජනය කරන පූජ්‍ය පක්ෂය හාමුදුරුවරු - පියතුමන්ලා - මවුලවිතුමන්ලා හා කිසියම් ලෙසක සමාජය තුළ පෙරමුණ ගන්නා බවක්ද නීති කෘත්‍ය තුළ එක්තරා කතාවට හසුවන තත්වයක්ද ඉදිරියේදි මතු වීමට පුළුවන.

පසුගිය පෙබරවාරි 22 දින පෙ.ව. 4.36 ට කුජ ග්‍රහයා වෘෂභ රාශිගතවීම ද එක්තරා මට්ටමකින් රටේ අධ්‍යාත්මික ගුණ වගාව හා තවත් සංස්කෘතික අංග කෙරේ ද කිසියම් බලපෑම් මට්ටමක් මතු කරන බවද කිව යුතුය.

වෘෂභ යනු සිකුරු ග්‍රහයාගේ වාසභවන බැවින් කුජ නමින් හඳුන්වන සල්ලාල ගති ඇති දරුණුතමයා ආදර අසපුවට කඩා වැදීම ද එක්තරා මට්ටමක මිනිස් සහජීවනය කඩා බිඳ දමන්නකි.

ආදරය ආලය කලාව පිළිවෙළ ක්‍රමවත් බව පිරිසිදුකම යහපතට අනුබල දෙන සිකුරුගේ වාස භවනය හිතුවක්කාර කුජගේ පැමිණීම තුළ විවිධ කාම අපචාර විවාහ බිඳීම් කලාකාමි අදහස් දරණ සුහදත්වයින්ගේ සිත් තුළ නරකය කාවැද්දීමෙන් මෙකී ව්‍යසනකාරී සමාජ රටාව තව තවත් දලුලා වැඩෙන්නට එම ග්‍රහ සංයෝගය ද ඉවහල් වනු ඇත. මේ අයුරින් බලන කල මේ වසර පුරා විහිදී විසිරී ගිය වයිරස් උවදුර මිනිස් අසමගිතා විරෝධතා අසාධාරණය වෙනුවෙන් නැගී සිටීම් කලාකරුවන්ට ව්‍යාපාරිකයන්ට කාන්තාවන්ට සමාජ සෝධකයන්ට පැවතුණ අපල තවදුරටත් පැවතෙන තත්ත්වයක් මතු කරන අතර බොහෝවිට අප්‍රේල් 06 වන දින ගුරු ග්‍රහයා කුම්භ රාශිගතවී සිය නීච භාවයෙන් මිදෙන තෙක් අසුබවාදී සමාජ රැල්ලක් නිර්මාණය වනු ඇත. ඒ සමඟම මාර්තු මස 14 වන දින සවස 06.03ට රවි ග්‍රහයා මීන රාශිගත වීම රටට සමාජයට සුබවාදි රිදී රේඛාවක සේයාවක් මතු කෙරේ.

ඉන්පසු සමාජයේ සුවිශේෂී ශෝධනයක් පැහැදිලි වාතාවරණයක් දක්නට ලැබීම සතුටට කරුණකි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ඔබගේ ලග්නය අනුව බලපෑම කෙසේදැයි බලමු.

 

 

Comments