සාමාන්‍ය පෙළ සඳුදා සිට | Page 2 | සිළුමිණ

සාමාන්‍ය පෙළ සඳුදා සිට

ධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 4,513කදී ආරම්භ කෙරේ. විභාග අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000) පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කොවිඩ් වසංගතය හමුවේ පැවැත්වෙන දෙවැනි ප්‍රසිද්ධ විභාගය මෙය වෙයි.

මීට පෙර පසුගිය වසරේ ඔක්තෝම්බර් මස උසස් පෙළ විභාගය පැවැති අතර එය සාර්ථකව අවසන් කරන්නට විභාග දෙපාර්තමේන්තුවට හැකිවිය. පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැත්විමට නියමිත වූ මෙම සාමාන්‍ය පෙළ විභාගය මාස තුනකට ආසන්න කාලයකින් කල් ගියේ කොවිඩ් වසංගතය නිසාය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකු ආසාදිත වුවහොත් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් පිළියෙල කර තැබීමටද කටයුතු යොදා ඇත.

අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම වෙනුවෙන් පළාත් මට්ටමින් රුපියල් ලක්ෂ පන්සියයකට අධික මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන ඇති අතර, විභාග කාල සීමාව තුළ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ සාකච්ඡා කර විශේෂ වැඩ පිළිවෙළක් සූදානම් කර ඇත.

Comments