පාසල් දරු­ව­න්ටත් අප­රාධ හා සිවිල් නීතිය | සිළුමිණ

පාසල් දරු­ව­න්ටත් අප­රාධ හා සිවිල් නීතිය

පාසල් සිසුන්ට අපරාධ නීතිය හා සිවිල් නීතිය ඉගැන්වීම සඳහා නවතම විෂයක්, පාසල් විෂයමාලා පද්ධතියට ඇතුළත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු යොදා ඇත. පාසල් දරුවන්ට රටේ පවත්නා නීතිය පිළිබඳ ඇති අල්ප දැනුම වර්ධනය කර නීති කරුණු පිළිබඳ පාසල් අවධියේ සිටම සිසුන් දැනුම්වත් කිරීමේ එක් පියවරක් මෙය ආරම්භ කෙරේ.

මේ පිළිබඳ සිළුමිණට අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සඳහන් කළේ මේ යෝජනාව අධිකරණ අමාත්‍යාංශය ඇතුළු නීති ක්ෂේත්‍රයෙන්ම මතුව ඇති බවත්, 2023 වසරේ සිට සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙය විෂයමාලාවට ඇතුළත් කරන බවත්ය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසූ පරිදි සිවිල් හා අපරාධ නීතිය ඉගැන්විම ආරම්භ වන්නේ 6 සිට 11 ශ්‍රේණිවල සිසුන්ගේ විෂයමාලාවේ බවත්, 2023 වසරේ සිට එම ශ්‍රේණිවල පුරවැසි අධ්‍යාපන විෂය යටතේ මෙම නව අංශය ඇතුළත් කරන බවත්ය. මේ වන විට බොහෝ සිසුන්ට රටේ නීතිය පිළිබඳ ඇති අල්ප දැනුම නිසා පසුකාලීනව විවිධ නීති විරෝධි ක්‍රියාවන්ට යොමු වන හෙයින් පාසල් වියේදීම එම දැනුම ලබා දීම ඊට සුදුසු විකල්පය හෙයින් මෙම තීරණයට පිවිස ඇත.

Comments