සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

කෘතිය - නොකියූ කතා­වක්
කර්තෘ- ලක්මාලි කරු­ණා­නා­යක
විමසීම් 071 4298907
මිල රු: 300 පිටු - 64
සයුර ප්‍රකා­ශ­න­යකි

නොකියූ කතා­වක් කාව්‍ය සංග්‍ර­හය ලක්මාලි කරු­ණා­නා­ය­කගේ පළමු කාව්‍ය එක­තු­වයි. පාසල් වියේ සිටම කවිය කෙරෙහි උනන්දු වූවාය. ඒ උන­න්දුවේ ප්‍රති­ඵ­ල­යකි නොකියූ කතා­වක් කාව්‍ය සංග්‍ර­හය.
ඈ ලියන කවි කෙටිය. බොහෝ කවි ප්‍රේමය විර­හව අත්දැ­කිම් කොට­ගත් ඒවාය.
ඔබ ඔහු මාතෘකා කොට­ගත් මේ නිර්මා­ණය එවැනි විර­හ­වක වේදනා ලකු­ණක් රැගෙන විත් ඇත.

එදා ඔබ මා සිතින් පෙම් පුරපු
ඔහුයි සැමදා සෙනෙ­හ­සින් බැඳුණු
සසර ඇති තෙක් ළඟින් ඉන්න පැතු
ප්‍රේම­යක සුව ඔහුයි මවෙත පිදූ...

ඔබට පෙම් කළ නොඉ­ඳුල්ම සිතින්
ඔහුගෙ සෙනෙ­හස දරා හිදි­නෙමි මං
ඔබෙන් මා ලැබූ ප්‍රේමයේ අබි­මන්
ඔහුගේ සෙනෙ­හෙන් ලැබූ­වෙමි අබි­සෙස්...

අප ජීවත් වන මේ මහ පොළොව ගහ කොළ ගංගා ඇළ දොළ සියල්ල අයිති සොබා දහ­ම­ටය. ඇය මේ විශ්ව­ය­ටම මවකි. නමුදු දැන් දැන් සොබා දහම වුණත් මිනිස් ක්‍රියා­කා­ර­කම් හමුවේ වියරු වැටි ඇතැයි සිතෙන්නේ දිනෙන් දින ලොව පුරා ඇති වන ස්වාභා­විත විපත් ගැන දැනු­ම්වත් වන විටය. යළිත් වෙනස් කළ නොහැකි අයු­රින් ඇතැම් තැන් විනාශ කර දමා ඇත්තේ මිනි­සුන් විසි­න්මය. දැන් ඇගෙන් සමාව ඉල්ල­නවා හැරෙ­න්නට වෙනත් කළ හැකි දෙයක් නොමැත. කිවි­ඳිය විසින් මේ කියන්නේ ඒ දුක්බර කතා­වයි. මාතෘ­කාව සොබා­දම් මැණි­යනි සමා­වුව මැන අපට.
හැම­දාම ආද­රෙන්
ඇගේ දරු­වන් රැකපු
මවෙක් නැත නුඹ තරම්
දරු­වන්ට පෙම් බැඳපු...
ඒත් අද ඇයි මෙලෙස
උරණ වී උන් එක්ක
උහු­ලන්න බැරි වීද
නුඹට උන් දුන් ගැහැට..

මවක් නැත කිසිදාක
දරු­වන්ට රිද­වලා
පාඩ­මක් විත­ර­මයි
කියා දුන්නේ සැමට...

සොබා­දම් මෑණි­යනි
දෙන්න තව එක් වරක්
ඔබේ මේ දරු­වන්ට
හැදෙ­න­නට තව වරක්.....

නිර්මා­ණ­ක­රුවා විසින් ලියන කවි­යක් තමන්ගේ මෙන් දැනී­මට නම් ඒ අත්දැ­කීම පොදු විය යුතුය. අත්දැ­කීම පොදු එකක් වුවත් එය ලියන රටාව, භාෂාව අනුව ඒ කවිය අපට ග්‍රහ­ණය වන විදිහ ද වෙනස් වේ. ප්‍රේමය විර­හව කවි­යෙ­කුට සුලබ අත්දැ­කී­මකි. එහෙත් පාඨ­ක­ය­කුට නම් එය තමන්ගේ යැයි කියා සිතෙන, මේ තමන්ගේ කතා­වම යැයි කියා සිතෙන දැනෙන නිර්මා­ණ­යකි. අහිමි වූ ප්‍රේම­යක් මාතෘ­කාව කොට­ගෙන ලක්මාලි කරු­ණා­නා­යක විසින් ලියූ කවි­යකි මේ.

ජීවිතේ තියෙ­න­තුරු ඉඳ­හි­ටක සිහි කරන
හදේ කොණ සැඟ­වි­ගෙන මතක පොත අවු­ස්සන
සිහි­න­යෙන් හදට විත් රැයේ නිදි සුව බිඳි­න‍
­අ­හිමි වූ ප්‍රේම­යක් තියෙ­නවා හැමෝ­ටම...

හිමි නොමැති බව දැනත් යළි යළිත් මතක් වෙන
වින්ද සුව­යක් නැතත් හිතට සතු­ටක් ගෙනෙන
හිමි­වෙලා නොති­බු­ණත් අහිමි වූ බව දැනෙන
අහිමි වූ ප්‍රේම­යක් තියෙ­නවා හැමෝ­ටම...

නොකියූ කතාව නවක කිවි­ඳි­යක වන ලක්මා­ලිගේ ප්‍රථම කාව්‍ය සංග්‍ර­හ­යයි. ප්‍රේමය, විර­හව, සෙනෙ­හස පම­ණක් නොව ඇගේ කවි ඇස මේ සමා­ජයේ විවිධ ඉසවු දකින්නේ නම්, කවිය ගැන තව තවත් අභ්‍යා­සයේ යෙදේ­නම් යා හැකි දුර බොහෝය.

Comments