ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශය බලා පිටත්ව යයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශය බලා පිටත්ව යයි

බටහිර ඉන්දී‍ය කො‍දෙව් සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(23) අළුයම කොදෙව් දේශය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි. 
 
අද අළුයම 3.35 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගොස් තිබේ.
 
දෙරට අතර තරග මාර්තු 04 වැනිදා ඇන්ටිගුවාහිදී ආරම්භ වේ. පළමුව පැවැත්වෙන්නේ තරග තුනකින් සමන්විත 20/20 තරගාවලියයි. 20/20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ. 
 
20/20 තරගාවලියෙන් පසු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකටද ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගි වේ.
 
මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලහිරු කුමාරට තරගාවලිය අහිමි වී ඇති අතර ඔහු වෙනුවට සීමිත ඕවර් තරග සඳහා සුරංග ලක්මාල් කණ්ඩායමට නම්කර ඇත.

Comments