සිංග­ප්පූ­රු­වෙන් ලැබුණු සහ­ති­කය | සිළුමිණ

සිංග­ප්පූ­රු­වෙන් ලැබුණු සහ­ති­කය

 

 

සිංගප්පූරුව ලෝකයේ ප්‍රධාන නැව් තොටුපළක් ලෙස ද සිංගප්පූරුව ජාත්‍යන්තර කීර්තිය දිනාගෙන ඇත. අග නගරය ද සිංගප්පූරුව යි.

වර්ෂ 1299 දී සිංගප්ප‍ූරුව සොයාගත් අතර, එය එදා හැඳින්ව‍ූයේ සිංගප්පුරා - සීතනගරය ලෙසිනි. ඈත අතීතයේදී මෙම දිවයින සුමත්ත්‍රාන් ශ්‍රී විජය රාජධානිය නමින් හැඳින්විණි.

මෑත යුගයේදී - 1959 වසරේ සිට සිංගප්පූරුව පාලනය කරන ලද්දේ ජනතා ක්‍රියාකාරී පක්ෂය යි. ‘සිංගප්පූරුවේ ජාතියේ පියා’ යන විරුදය ලබන කෘතහස්ත, උගත්, වියත් නායක ලී - ක්වාන් - යූ සිංගප්පූරු අගමැතිවරයා විය. කුඩා නැව් තොටක්, ලොව ප්‍රධාන රටක් බවට පත් කළ ලී - ක්වාන් - යූ ගේ නාමය, සිංගප්පූරු ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වේ. ලෝකයේ ආකර්ෂණය දිනාගෙන ඇති සිංගප්පූරුව, විනයගරුක සමාජයක් ජීවත්වන රටක් ලෙස හැඳින්විය හැකි ය. ශ්‍රී ලාංකිකයන් ද සෑහෙන පිරිසක් සිංගප්පූරුවේ විවිධ රැකියාවල යෙදෙන අතර, ඔවුන් සතුටින් සමාදානයෙන් එහි ජීවත්වේ.

ලී - ක්වාන් - යූ කවුදැයි අපි විමසා බලමු.

ලී - ක්වාන් යූ - උපත ලැබුවේ 1923 සැප්තැම්බර් 16 වැනිදා ය. චීනයේ ගුන්ග් - ඩොන්ග් ප්‍රදේශයේ සිට සිංගප්පූරුවට පැමිණි පරපුරකින්ය මොහු පැවත එන්නේ.

මොහු, සිංගප්පූරුවේ සුප්‍රසිද්ධ රාෆෙල්ස් අධ්‍යාපන ආයතනයේත් (1936 – 39) සහ ‍රාෆෙල්ස් කොලිජියේ ද (1940 – 1942) අධ්‍යාපනය ලැබූ අතර, 1946 – 1950 කාල පරාසය තුළදී එංගලන්තයේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල උපාධිය ලබා නීතිඥයෙක් විය. ප්‍රසන්න, ක්‍රියාශීලි ක්වා - ගෙඔවක් - චූ KWA GEOK CHOO සමඟ මොහු විවාහ විය. ඇය, ලී - ක්වාන් - යූ ට විශාල පිටුවහලක් දායකත්වයක් සැපයූ අතර, ඔහුගේ සෙවණැල්ල බඳු විය.

පොදු ජනතාව වෙනුවෙන් අවෘත සේවය කළ මේ උතුම්, ශ්‍රේෂ්ඨ, අද්විතීය නායකයා ලී - ක්වාන් - යූ, නිදහස් සටන දියත් කිරීම නිසා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිරගත කරන ලදී. උගත්, වියත් ලී - ක්වාන් - යූ 1950 - 1959 කාල පරාසය තුළදී නීතිවේදියෙක් ලෙස කටයුතු කළ අතර, වෘත්තීය සමිතිවලට අතහිත දෙමින් ඔවුන්ගේ නීතිවේදියා ලෙස ද සේවය කළේය.

1956 ඔක්තෝබර් මාසයේදී, ලිම් - චින් - සියෝන්ග් - ෆොන්ග්ස්වී - සුආන් - ඩෙවන් නයාර් සමඟ නායක ලී - ක්වාන් - යුද අත්අඩංගුවට ගනු ලැබීය. වර්ෂ 1959 මැයි මාසයේදී පවත්වන ලද සිංගප්පූරු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලී - ක්වාන් - ය‍ූ ලබාගත්තේය.

සිංගප්පූරුවේ සුප්‍රසිද්ධ රාෆෙල්ස් ආයතනයේත්, රාෆෙල්ස් කොලිජියේත් - විදුහලෙන් ඉගෙනුම ලබාගෙන, එංගලන්තයට ගොස් කීර්තිමත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයේ 1946 - 1950 දී අධ්‍යාපනය ලැබීය. ඒ අතර, ක්වා - ගෙඹක් - චූ සමඟ විවාහ විය. පසුකාලීනව, ලී - ක්වාන් - යූ ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයට චූ මහත්මිය විශාල පිටුවහලක් ලබාදුනි.

මෙම අද්විතීය නායකයා ලී - ක්වාන් - යූ, 1959 ජූනි 05 වැනිදා සිංගප්පූරුවේ අග්‍ර­ාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

මොහු ගේ පාලන තන්ත්‍රය යටතේ සෞභාග්‍යවත් රටක් බවට සිංගප්පූරුව පත්වුණු අතර, විශේෂයෙන් ම ආසියාකරයේ දක්නට ලැබෙන ආකර්ෂණීය සංචාරකයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට අද පත්ව ඇත.

වර්ෂ 1999 නොවැම්බර් මාසයේදී ලී - ක්වාන් - යූ අගමැති පදවියෙන් ඉල්ලා අස් විය. කෙසේ වුව ද, ජනතාවගේ බලවත් ඉල්ලීම පරිදි 2011 මැයි මාසයේදී දේශපාලන දිවියෙන් සමුගන්නා තෙක් ම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළේ ය.

ලී - ක්වාන් - යූ නම් මෙම ශ්‍රේෂ්ඨ ජනනායකයා 2015 මාර්තු 23 වැනිදා සඳහටම දෙනෙත් පියා ගත්තේ ය. මෙවන් අවංක, තමාගේ පෞද්ගලික කිතු ඝෝෂා ලාභ ප්‍රයෝජන පසෙකලා රට නංවාලීමට කැපවන ශ්‍රේෂ්ඨ නායකයන් සොයා ගැනීම කළු නික සොයා ගන්නා වැනි අසීරු කාර්යයකි.

ලී - ක්වාන් - යූ චරිතාපදානයට අදාළව ලියන ලද මෙම ලිපිය මා අවසන් කරන්නේ යස ඉසුරින් සපිරි සෞභාග්‍යවත් - සිංගප්පූරුව නිර්මාණය කළ අද්විතීය, විශිෂ්ට නායක ලී - ක්වාන් - යූ විසින් අපේ ජේ.ආර්. ජයවර්ධනට හා ජනහද දිනූ ඩඩ්ලි සේනානායකට ලබාදුන්න චරිත සහතික CHARACTER CERTIFICATES දෙක කෙටියෙන් දක්වමින් ය.

ලී - ක්වාන් - යූ ගේ චරිතාපදානයේදී ශ්‍රී ලංකාවට අදාළ කොටස එතුමා අවසන් කරන්නේ මෙසේය.

‘සෙරන්ඩිපිටිය - SERENDIPITY - ලංකාව (ශ්‍රී ලංකාව) - නමින් හැඳින්වෙන මනස්කාන්ත - සුන්දර - අපූරු දිවයින, ගැටුම් - වේදනාව - ශෝකය - කණස්සල්ල - බලාපොරොත්තු සුනුවිසුනු කෙරුණු රටක් බවට, ජේ.ආ‍ර්. ජයවර්ධන පත් කරන ලදී යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජනාදරයට පත්වුණු අද්විතීය අගමැති ඩඩ්ලි සේනානායකගේ සේවයට හදවතින්ම කැපවූ, අගමැතිවරයෙක් ලෙසත්, අතිවිශිෂ්ට නායකයෙක් බවත්, නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී - ක්වාන් - යූ අගමැතිතුමා පවසා ඇත.

Comments