ගුවන් හමුදා පාපැදි සවාරිය 7 වැනි දා | Page 2 | සිළුමිණ

ගුවන් හමුදා පාපැදි සවාරිය 7 වැනි දා

ගුවන් හමුදාවේ හැත්තෑවැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 7 වැනිදා පැවැත්වීමට සැලසුම්කර තිබේ. පසුගිය බදාදා ගුවන් හමුදා මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ඒ බව නිවේදනය කළේය.

තනි දින තරගාවලියක් වශයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය එලෙස එක දිනකට සීමාකිරීමට සිදුවී ඇත්තේ කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙනි. ‘මෙවර විදේශීය ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි වන්නේ නෑ. අපිට අපේ රටේ ආරක්ෂාව ගැන ගැඹුරින් සලකා බලන්න සිදුවෙලා තිබෙනවා. ක්‍රීඩක ආරක්ෂාව ගැන සිතන්න වෙලා තිබෙනවා. ඒ නිසා තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි.’ ගුවන්හමුදාපතිවරයා පැවසීය.

තරගාවලිය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීම ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් සමාගම ඉදිරිපත්ව ඇති අතර පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ පිරිමි අංශයේ තරගය කටුනායක සිට කොළඹටත්, කාන්තා තරගාවලිය ඒකල සිට කටුනායක දක්වාත් පැවැත්වීමට නියමිතය.

ඡායාරූපය - ජගත් ඉරෝෂණ

 

Comments