සෞඛ්‍ය උපදෙස් කඩන අයට නීතිය දැඩිව | සිළුමිණ

සෞඛ්‍ය උපදෙස් කඩන අයට නීතිය දැඩිව

කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය නොකරන්නේ නම් දැඩි තීරණ ගැනීමට සිදු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 
 
කොවිඩ් රෝගීන් වැඩි වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය පාලනය නොකරන බවට චෝදනා එල්ල වන බව පෙන්වා දෙන ඒ මහතා මෙය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ ත්‍රිවිධ හමුදාවට පාලනය කළ හැකි දෙයක් නොවන බවද කියා සිටී. 
 
මිලියන 22ක ජනතාව පසු පස ගොස් සිටීමට තරම් සේවකයන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව නොමැති බව පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන් මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවද මෙය පිළිපදින්නේ නැමති නම් නීතිරීති දැඩි කිරීමට සිදු වන බවද පෙන්වා දෙයි.

Comments