උද්ඝෝ­ෂ­ක­යන්ට පහ­ර ­දුන් ‘යහ­පා­ලන’ පොලිස් නිල­ධා­රීන්ට දහ­සින් බැඳි පියලි | Page 2 | සිළුමිණ

උද්ඝෝ­ෂ­ක­යන්ට පහ­ර ­දුන් ‘යහ­පා­ලන’ පොලිස් නිල­ධා­රීන්ට දහ­සින් බැඳි පියලි

විරෝධතා සිසුවෙක් රැගෙන යන ආකාරය
විරෝධතා සිසුවෙක් රැගෙන යන ආකාරය

‘යහපාලන’ රජය 2015 වසරේ පිහිටුවා ගත වූයේ මාස කීපයක් පමණි. හරියටම 2015 ඔක්තෝබර් 29 වැනිදායි. එදින අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලාව (HNDA) සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ සිසුහු කොළඹ, නගර ශාලාව, ලිප්ටන් වට රවුම ප්‍රදේශයේ සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.

එම විරෝධතා ව්‍යපාරයට එරෙහිව එදා ‘යහපාලන’ රජයේ නියෝග මත පොලිසිය විසින් සිසුන්ට එරෙහිව අමානුෂික ප්‍රහාරයක් දියත් කෙරිණි. එදින පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ සිසුවියක් ලිප්ටන් වට රවුමේ වූ ජල කරාමයකින් දෙනෙත් සෝදා ගැනීමට යාමේදී එම සිසුවියට පොලිස් නිලධාරියෙක් පහර දුන්නෙ ඉවක්-බවක් නොමැති ලෙසිනි. එලෙස සාමකාමී විරෝධතාවේ යෙදුණු සිසු සිසුවියන්ට අමානුෂික ලෙස පොලිසිය පහර දුන් දසුන් බොහෝ මාධ්‍යයන්හි ප්‍රධාන පුවත් ලෙස ප්‍රචාරය විණි.

2015 ඔක්තෝබර් 29 වැනිදා 
ලිප්ටන් වට රවුමේ පැවැති එච්එන්ඩීඒ සිසුන්ගේ විරෝධතාවකට පොලිසිය 
පහර දෙන ආකාරය

‘යහපාලන’ රජය විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් සුරක්ෂිත කිරීමට යැයි පාරම්බාමින් පත්වී මාස කීපයක් ගතවීමත් සමඟ සාමකාමී සිසු උද්ඝෝෂණයකට එල්ල කළ අමානුෂික ප්‍රහාරය පිළිබඳව රටේ බොහොමයක් ජනයාගෙන් යහපාලන රජයට එදා එල්ල වූයේ දැඩි විරෝධයකි.

එම පහරදීමත් සමඟ පොලිසියට එල්ලවූ අවමන් සහගත තත්ත්වය පිළිබඳව ඊට දින දෙකකට පෙර එනම් ඔක්තෝබර් 31 වැනිදා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට වෙනදා සුපුරුදු ලෙස පැමිණෙන එදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ එවකට සහකාර පොලිස් අධිකාරිව සිටි රුවන් ගුණසේකරට අමතරව තවත් උසස් පොලිස් නිලධාරින් පස්දෙනෙක්ම මාධ්‍ය හමුවේ පෙනී සිටියේ 'නිදහස'ට කරුණු කියන්නට පැමිණියාක් මෙනි.

එදා එම මාධ්‍ය හමුවට එවකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර, කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන සහ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ලෙස කටයුතු කළ වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණද එක් වූහ.

පසුව පොලිස් නිලධාරින්ට එම පහර දීම පිළිබඳව ජාතික පොලිස් කොමිසමට ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනයට අදාළව ජාතික පොලිස් කොමිසම හමුවේ පෙනී සිටීමටද සිදු වුවත් එම අමානුෂික පහර දීමට වගකිවයුතු කිසිදු පාර්ශ්වයකින් කිසිදු තීන්දුවක් නම් නොගැනිණි. ඒ, එම පහරදීම තනිකරම පැවැති රජයේ වුවමනා-එපාකම් සිදුවූ නිසාවෙනි.

එලෙසම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ විශ්වවිද්‍යාල සිසුහු යහපාලන සමය තුළදී කොළඹ ඇතුළු තදාසන්න පෙදෙස්හි උද්ඝෝෂණ ව්‍යාපාර රැසක්ම පැවැත්වූහ. එම උද්ඝෝෂණ ව්‍යාපාරයන්හිදී පමණක් පොලිසිය දියත් කළ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ පොලිස් කැරලි මර්දන ඒකක උද්ඝෝෂකයන්ට එළවා ගොස් පහර දීම් නිසා සිසුන් 450කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව ඒ සමයේදීම මාධ්‍ය වාර්තා පළ විණි. ඊට අමතරව වසර කිහිපයක් පුරා පැවැති එම උද්ඝෝෂණයන්හිදී පමණක් සිසුහු 150ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වූහ.

එදා ‘යහපාලන’ රජය පැවැති සමයේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු වෘත්තිය සමිති කොළඹ නගරයේ උද්ඝෝෂණ සඳහාම ප්‍රචලිත කොළඹ, ලොටස් පාර, ගාලු මුවදොර, නගර ශාලාවේ ලිප්ටන් වට රවුම, විහාර මහා දේවී උද්‍යානය වැනි අතිශය ජනාකීර්ණ ස්ථානයන්හි පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාළි 111ක් සඳහා පොලිසිය විසින් 'අවම බලය' යැයි පවසමින් හඹා ගොස් පහර දීම්, ජල ප්‍රහාර එල්ල කිරීම් ආදි විවිධ ක්‍රම ඔස්සෙ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම අයිතියක් වන උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර මර්දනය සඳහා කටයුතු කෙරිණි.

එදා එලෙස කැරළි මර්දනය කළ පොලිස් නිලධාරින්ට ත්‍යාග ලෙස රුපියල් විසිපන් ලක්ෂ හතළිස් නවදහසක් ගෙවා ඇති බවට පසුගියදා අනාවරණය විණි.

2015 සිට 2019 වසර දක්වා වූ වසර හතරක කාලය තුළ පැවැති සිසු සහ වෘත්තිය සමිති උද්ඝෝෂණ සංඛ්‍යාව 1653ක් බවත් ඉන් උද්ඝෝෂණ 111කට කැරළි මර්දන පහරදීම් සහ ජල ප්‍රහාරය එල්ල කිරීම සඳහා එක් ජල ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවෙන් රුපියල් හයදහසක දීමනාවක්ද ගෙවා ඇති බවකි.

එසමයේ කොළඹ නගරයේ පමණක් නොව වෙනත් තදාසන්න ප්‍රදේශයන්හි පවා පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයන්ටද ‘යහපාලන’ රජයේ නියෝග මත පොලිසිය පහර දී තිබුණේ වරක් දෙවරක් නොවේ. ඒ අනුව එම පාලන සමය තුළදී මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට පැවරීම සහ හම්බන්තොට, මාගම්පුර වරාය චීනයට විකිණීමට එරෙහිව එදා විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් සමඟ එක්ව මහජනයා දියත් කළ උද්ඝෝෂණ රැසකටම පොලිසිය කිසිදු සොයා බැලීමකින් තොරව දැඩි ප්‍රහාර එල්ල කළේය. එසේම නිරපරාදේ බොහොමයක් දෙනා අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කිරීමටද කටයුතු කළේය.

කෙසේ හෝ අනාවරණය වන පරිදි යහපාලන රජය සමය තුළදී නොයෙක් ලෙස ජනයාට එල්ලවූ පීඩන මුල්කොට පැවැත්වූ උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාරවලට එරෙහිව පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබුණේ කිනම් කරුණක් අරභයාද යන්න මේ වන විට මනා ලෙස ප්‍රත්‍යක්ෂ වී තිබේ.

එහෙත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය පත්වීමත් සමඟ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය වන විරෝධතා ව්‍යාපාර ඇතුළු සියලුම උද්ඝෝෂණයන්, විරෝධතාවන් පැවැත්වීමටම වෙන්වූ වෙනමම ස්ථානයක් ස්ථාපිත කෙරුණේ 2020 පෙබරවාරි පස්වැනිදායි.

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර භූමියෙහි කොටසක වෙන්කළ එම ප්‍රදේශයෙහි ගතවූ කාලසමය තුළදී උද්ඝෝෂණ 104ක්ද පෙළපාළි 58ක් සහ සත්‍යග්‍රහ ව්‍යාපාර තුනක් පවත්වා තිබුණත් පොලිස් කැරලි මර්දන ඒකක නිලධාරින් හෝ වෙනත් රාජකාරියන්හි නිරත කිසිදු පොලිස් නිලධාරියෙක්ගෙන් එකී විරෝධතාකරුවන්ට අබමල් රේණුවක තරම්වත් බාධා කිරීමක් සිදුකිරීමට වත්මන් පොලිසිය කටයුතු යොදා නොමැති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

තවද වත්මන් රජයේ ගෙවුණු කාලසීමාව තුළදී සමස්ත බස්නාහිර පළාත තුළ විවිධාකාරයේ උද්ඝෝෂණ ව්‍යාපාර 314ක් පවත්වා ඇති බවකි. ඒ අතරින් පෙළපාළි 80ක්ද සත්‍යග්‍රහ 15ක් සහ උපවාස 6ක්ද පවත්වා තිබුණත් කිසිදු විරෝධතාවකට පොලිස් ප්‍රහාර එල්ල නොවී ඇත.

බිම ඇද වැටුණු විරෝධතාකරුවෙක්ට පහර දෙන පොලිස් නිලධාරිහු

 

Comments