විදෙස් සංචා­ර­ක­යන් දස­ල­ක්ෂ­ය­කට ශ්‍රී ලංකාව අත වනයි | සිළුමිණ

විදෙස් සංචා­ර­ක­යන් දස­ල­ක්ෂ­ය­කට ශ්‍රී ලංකාව අත වනයි

කොවිඩ් 19 රෝගය හමුවේ අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යළි ස්ථාපිත කිරීම පිණිස ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමත් සමඟ සංචාරකයන් සෞඛ්‍ය නිර්දේශ අනුව මෙරටට පැමිණීමේ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ගුවන් සේවා සමාගම් 35ක් මෙරටට සිය ගමනාන්තයන් මෙම මස සිට ආරම්භ කරන බව දැනුම් දී ඇතැයිද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිළුමිණට කීවේය.

මේ අනුව මෙම වසර තුළ අවම වශයෙන් සංචාරකයින් දස ලක්ෂයකට අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20කට අධිකය. වසර 2018දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 23,33,796 වූ අතර එය 2019 වසරේදී 19,13,702ක් විය. ඉන් 2018 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 4,381ක ආදායමක් උපයා ගත් අතර වසර 2019දී උපයා ගත් මුදල ඇමරිකන් ඩොලර් මිලියන 3,610කි.

වසර 2020 මාර්තු මස කොවිඩ් වසංගතය හේතුකොට ගෙන පැන වූ දැඩි සෞඛ්‍ය වාරණ හේතුකොට ගෙන පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 507,701කි. යුක්රේන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම තුළ ජාත්‍යන්තරව ලැබුණු ප්‍රචාරය හේතුකොට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ පිබිදීමකට හේතුවන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

 

Comments