බස්නා­හිර පාසල් එක­වර විවෘත නොවේ | සිළුමිණ

බස්නා­හිර පාසල් එක­වර විවෘත නොවේ

ස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම එකවර සිදු නොවන බවත්, විවෘත කිරීමට සෞඛ්‍ය අනුමැතිය ලබා දෙන පාසල් අදියරෙන් අදියර විවෘත කෙරෙන බවත් අධ්‍යාපන ලේකම් මහාචර්ය කපිල. සී. පෙරේරා සිළුමිණිට පැවැසීය. එසේ නැවත විවෘත කරන්නේ ඒ ඒ පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තිබේද නැද්ද යන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ලද ඒවාට පමණි.

බස්නාහිර පළාත නියෝජනය වන සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ නියෝජනයෙන් සැදුම් ලත් කමිටුවක් මේ සඳහා පිහිටුවා ඇති අතර, ඔවුන් විසින් ජනවාරි 28, 29,පෙබරවාරි 1 යන දිනයන් ගෙන් එක් දිනෙක රැස්වන අතර, තම ප්‍රදේශයට අයත් පාසල් අතරින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අවදානමක් නොමැති පාසල් සම්බන්ධ එකඟතාවකට එළඹීම සිදු කෙරෙන අතර, එම නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පෙබරවාරි මස 10 වන දිනට පෙර යොමු කළ යුතුවෙයි.

මෙම කමිටුවට ප්‍රාදේශීය ලේකම්, පාසල් විදුහල්පතිවරු, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු, සෞඛය බලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සැදුම්ලත්ය.

ඉන් අනතුරුව එම නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අධීක්ෂණයට යොමු වෙයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 11 ක පාසල් 1576 ක සිසුන් 79,000 කට ආසන්න පිරිසක් එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අතර එම සිසුන් වෙනුවෙන් ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් 907ක් ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාව ලැබී ඇත.

Comments