අන්ත­ර්ජාල මූල්‍ය වංචා සොරු­න්ගෙන් ප්‍රවේ­ශම් වන්න | සිළුමිණ

අන්ත­ර්ජාල මූල්‍ය වංචා සොරු­න්ගෙන් ප්‍රවේ­ශම් වන්න

න්තර්ජාලය පදනම් කරගත් සමාජ මාධ්‍ය ජාලාවන්හි සහ ජංගම දුරකථන යෙදුම් ඔස්සේ විවිධාමූල්‍ය වංචා සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

අන්තර්ජාලය හරහා මහජනයා ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කරමින් මෙකී මූල්‍ය වංචාවන් සිදුවන බවත් මූල්‍ය වංචාකරුවන් මහජනයාගේ ගිණුම් පරිශීලක නම, මුරපද, පෞද්ගලික හැඳුනුම් අංක (Pin), එක්වරක් පමණක් භාවිත වන මුරපද (OTP) සහ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා භාවිත කළ හැකි වෙනත් රහස්‍ය තොරතුරුද ලබාගනිමින් මෙකී මූල්‍ය වංචාවන් සිදුකරන බවයි. එම නිසා එවැනි කිසිදු රහස්‍ය තොරතුරක් කිසි විටෙක වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරුකර නොගන්නා ලෙසත් මහ බැංකුව සඳහන් කර සිටී.

Comments