Huawei Y7a ආකර්ෂණීය විශේෂාංග රැසක් | සිළුමිණ

Huawei Y7a ආකර්ෂණීය විශේෂාංග රැසක්

 

Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ. එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි.

විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට අත්‍යවශ්‍ය ස්මාර්ට් දුරකථන අංගයක් බවට පත්වී ඇත. Huawei Y7a මෙම අවශ්‍යතාව සපුරමින් අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio උපාංගය තුළට ඇතුළත් කර ඇත. එහි වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමටද උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන අලංකාර වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y7a හි ආකර්ෂණීය නිමාවට ඕනෑම කෙනෙකු ප්‍රිය කරයි:

Huawei Y7a හි කැමරාවද සුවිශේෂී අංගයක් වේ. මෙම මිල මට්ටමේ අනෙකුත් දුරකතනයන් හා සසඳන කල 48MP Quad AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ෂණයක් ලබා දේ. මෙහි පසුපස කැමරා සැකසුම කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture), 2MP (Depth Lens, f/2.4 aperture) සහ 2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ . තවද AI තාක්ෂණයෙන් මෙම කැමරා පද්ධතිය බලගන්වා ඇත.

Comments