සෙලින්කෝ වෙතින් රුපියල් මිලියන 5ක රත්තරන් | සිළුමිණ

සෙලින්කෝ වෙතින් රුපියල් මිලියන 5ක රත්තරන්

 

දැවැන්ත අභියෝග මැදින් ගෙවුණු 2020 වසර අවසානයේ දී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සතුට ගෙනෙමින් රුපියල් මිලියන 5 ක් වටිනා රත්තරන් ප්‍රදානය කිරීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා පසුගියදා කටයුතු කරන ලදී.

මේ අනුව, පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ තිබෙන සංචරණ සීමා හේතුවෙන් සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහන සඳහා සමාගම විසින් විදේශීය සහ දේශීය සංචාරයන් ලබාදීම අත්හිටුවා ජයග්‍රාහකයින්ට රත්තරන් ත්‍යාග වශයෙන් ලබාදීමට තීරණය කළේය. මේ යටතේ, සමාගම විසින් පසුගියදා මෙම රත්තරන් ප්‍රදානය කළේ මෙවර ෆැමිලි සවාරි වැඩසටහනේ පළමු ජයග්‍රාහකයින් කණ්ඩායමටයි. සේයාරුවෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක රත්තරන් ජයග්‍රහණය කළ රක්ෂණ ඔප්පු හිමියා (ඉහළ) සහ රුපියල් 250, 000 ක් බැගින් රත්තරන් ජයග්‍රහණය කළ රක්ෂණ ඔප්පු හිමියන් දෙදෙනායි. සමාගමේ රක්ෂණ ඔප්පු හිමියන්ට සමස්තයක් ලෙස රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් ප්‍රදානය කිරීමට අදාළ තවත් දිනුම් ඇදීම් පහක් 2021 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

Comments