පීපල්ස් ලීසිං සමාගම වෙතින් සහන රැසක් | සිළුමිණ

පීපල්ස් ලීසිං සමාගම වෙතින් සහන රැසක්

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව ක්‍රියා කරමින් මේ වනවිට තම ගනුදෙනුකරුවන්ගේ ලීසිං හා ණය පහසුකම් ලබාගත් 75, 000කට වැඩි පිරිසකට ණය පොලී සහන කාලයක් ලබා දී ඇත. එම සමාගම COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන්ට මෙම සහන ලබාදුන්නේ 11/2020 මූල්‍ය සහන ඉල්ලා සිටීම හා එයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ යටතේ ක්‍රියාකිරීමෙනි. මෙම වැඩ සටහන යටතේ රුපියල් බිලියන 60 ක පමණ පොලී මුදල් ඉවත්කිරීම් හා මාස හය දක්වා ණය සහන කාල ලබාදීම් සිදුකර ඇති අතර මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම් අතර වැඩිම සහන සැපයූ මූල්‍ය ආයතනය වන්නේ ද පිපල්ස් ලීසිං සමාගමයි.

එයට අමතරම පීපල්ස් ලීසිං සමාගම ‘ඉටුකම COVID-19 සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණ අරමුදලට’ රුපියල් මිලියන 5ක මුදලක් එම අරමුදල පිහිටවූ ආරම්භයේදීම පරිත්‍යාග කරනු ලැබීය.

Comments