සිනමා කර්මා­න්ත­යට බදු සහන | Page 2 | සිළුමිණ

සිනමා කර්මා­න්ත­යට බදු සහන

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබාදී පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබාදීමට රජය තීරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් විසින් එම තීරණය ගෙන ඇත. සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන් පසුගියදා (08) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් හමුවී කළ ඉල්ලීම්වලට අනුව ගත් තීරණවලට අදාළව මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

 


Comments