ශ්‍රමි­ක­යන්ට ජපන් දොර යළි ඇරේ | සිළුමිණ

ශ්‍රමි­ක­යන්ට ජපන් දොර යළි ඇරේ

ශ්‍රී ලංකාව හා ජපානය අතර ඇති කරගත් ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන් 200 දෙනකු අයකිරීමකින් තොරව ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි පළමු කණ්ඩායම ලෙසින් 16 දෙනකුගෙන් සමන්විත පිරිසක් පසුගියදා ජපානය බලා ගිය අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා IM JAPAN ව්‍යාපෘතියේ ජපන් නිලධාරීන් සමග සාකච්ඡා කොට රැකියාගත කිරීමේ වැඩසටහනට අනුව තවත් 100කින් සමන්විත පිරිසක් ඉදිරියේදී ජපානය බලා යනු ඇත. මෙම පිරිසට ජපානයේදී පුහුණුවක් සමඟ රැකියාව හිමිවන අතර වසර 3ක කාලයක් රැකියාවේ නිරතව සිටීමට අවස්ථාව හිමි වේ.

 


Comments