මුහුණු ආවරණ නොමැති 46 කට කොවිඩ් ආසාදනය වේ | Page 3 | සිළුමිණ

මුහුණු ආවරණ නොමැති 46 කට කොවිඩ් ආසාදනය වේ

පසුගිය ජනවාරි 05 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාත තුළින් මුහුණු ආවරණ නොමැති පුද්ගලයන් 2334 ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
 මෙම 2334 දෙනා අතුරින් පුද්ගලයන් 1313 දෙනෙකු හට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇත. මෙම පිරිස අතුරින් 19 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත
 
එමෙන්ම පුද්ගලයන් 1021 දෙනෙකු හට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර මෙම පුද්ගලයන් අතරින් 27 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත
 
ඒ අනුව පසුගිය ජනවාරි 05 වනදා සිට මේ දක්වා සිදු කරන ලද වැටලීම් වලදී මුහුණු ආවරණ නොමැති පුද්ගලයන් 47 ක් හඳුනාගෙන ඇත
 
මීට අමතරව බස්නාහිර පළාතෙන් පිට පළාත් වල ඊයේ (11) දිනයේ සිදු කර ඇති පරීක්ෂණ වලදී මුහුණු ආවරණ නොමැති 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත

Comments