ඉන්දියානු කොවිඩ් එන්නතට මිලියන 30 ක ඇණවුමක් | Page 3 | සිළුමිණ

ඉන්දියානු කොවිඩ් එන්නතට මිලියන 30 ක ඇණවුමක්

මියෙන්මාරය ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් -19 එන්නත් මිලියන 30ක් ඇනවුම් කර ඇතැයි එරට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
 
 ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් සංවර්ධනය කරන ලද කොවිෂීල්ඩ් නමින් හඳුන්වනු ලබන මේ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ ද සීරම් ආයතනය ලොව විශාලතම එන්නත් නිෂ්පාදක සමාගමයි. 
 
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් උ සෝව් හ්ටායි ප්‍රකාශ කළේ මේ ඇනවුම මිල දී ගැනීම සඳහා වැයවන මුදලින් අඩක් වන ඩොලර් මිලියන 75ක් මේ වන විටත් සූදානමින් සිටින අතර ඉතුරු මුදල ගෙවීම සඳහා මහජනතාවගේ ද දායකත්වය බලාපොරොත්තු වන බවයි. 
 
සෙන්ටිග්‍රේඩ් අංශක 2-8ත් අතර උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තැබිය හැකි නිසා මේ එන්නත මියෙන්මාරයේ දේශගුණයට ඉතාම උචිත බව ද ඔහු වැඩිදුරටත් කියා තිබේ. 
 
ඔහු කළ ඉල්ලීමට දේශීය ව්‍යාපාරිකයින් සහ ජනතාව සුබදායී ප්‍රතිචාර දක්වා තිබේ. 

Comments