විකි­රණ ප්‍රති­කාර නව මාන­ය­කට රැගෙන ගිය සෙලින්කෝ හෙල්ත්කෙයා | සිළුමිණ

විකි­රණ ප්‍රති­කාර නව මාන­ය­කට රැගෙන ගිය සෙලින්කෝ හෙල්ත්කෙයා

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් (CHSL) සමාගමට අයත් මෙරට පිහිටි එකම ටෝමෝතෙරපි මධ්‍යස්ථානය 8 වන සංවත්සරය සැමරීමත් සමඟම, රෝගීන් 10,000 කට ප්‍රතිකාර කිරීමේ සීමාව ද පසුකළ බව සමාගම නිවේදනය කර ඇත.

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් විසින් පසුගිය දශකය තුළ දී කොළඹ 02, පාර්ක් වීදියේ පිහිටි සෙලින්කෝ විකිරණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය සහ ටෝමෝතෙරපි මධ්‍යස්ථානය මගින් ඉතාමත් සාර්ථක ලෙස රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලදී.

සෙලින්කෝ ටෝමෝතෙරපි මධ්‍යස්ථානය තුළ මේ වනවිට පිළිකා පටක සඳහා ප්‍රතිකාර ලබාදෙන විශේෂඥයන් 30 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් ටෝමෝතෙරපි ප්‍රතිකාර ක්‍රමය යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සලකන්නේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර විකිරණ ලබා දිය යුතු පටක පැහැදිලිව දැක බලා ගැනීමට හැකි වන නිසයි. මේ තුළින් එම පටකවලට අඩුවෙන් ප්‍රතිකාර ලබාදීම වළක්වන අතරම යාබද පටක විකිරණ සඳහා නිරාවරණය වීම අවම කරනු ලබයි. මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් ඉතාමත් නිවැරදිව පිළිකා පටක ඉලක්ක කර ප්‍රතිකාර ලබාදිය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Comments