
මෙරට පරිසරයට වසරකට පාවිච්චි කළ කාබන් පෑන් කිලෝ 29,200 (ටොන් 30ක්) ක් මුදා හරින බව මධ්‍යම පරිසර අධිකාරිය කළ ගවේෂණයකින් හෙළිව තිබේ.
ඒ අනුව දිනකට මෙරට පරිසරයට මුදා හරින කාබන් පෑන් ප්‍රමාණය කිලෝ 80 කි. මෙලෙස ඉවත දමන කාබන් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණය සඳහා හඳුන්වාදෙන ප්‍රතිචක්‍රීකරණ බහාලුම් දැන් පරිසර අමාත්‍යාංශය මගින් සකස්කර ඇත. භාවිතයෙන් ඉවත දමන කාබන් පෑන් 3,000 ක් හා දත් බුරුසු 500 ක් මේ බහාලුමකට දැමිය හැකිය.