පීසීආර් පරීක්ෂණ ලක්ෂ 8ක් නිමයි | සිළුමිණ

පීසීආර් පරීක්ෂණ ලක්ෂ 8ක් නිමයි

සුගිය සිකුරාදා වන විට මෙරට සිදුකර තිබූ සමස්ත පීසී ආර් පරීක්ෂණ ප්‍රමාණය 790,896 දක්වා ඉහළ ගොස් තිබූ බවත්, මේ වන විට දිනකට පීසීආර් පරීක්ෂණ දසදහස ඉක්මවා සිදුකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ දත්තවලින් හෙළි විණි.

දෙවැනි කොවිඩ් රැල්ලත් සමඟ ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 28 වැනිදා සිට සෑම දිනෙකම පාහේ පීසීආර් පරීක්ෂාවන් දසදහස ඉක්මවා සිදුකර ඇති අතර පී. සී. ආර්. පරීක්ෂාවන් 13,671ක් සිදුකළ පසුගිය නොවැම්බර් 13 වැනිදා මෙරට තුළ මෙතෙක් දිනකදී වැඩිම පීසීආර්. පරීක්ෂාවන් සිදුකළ දින ලෙසද සැලැකේ.

ලොව පුරා ශීඝ්‍ර ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්තවය පැතිර යාමත් සමඟ මෙරට තුළ පීසීආර් පරීක්ෂාව පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වී ඇති බවත් මුල් කොවිඩ් රැල්ලේදී දිනකට දහස හෝ දෙදහසේ සීමාවේ පී සීආර්. පරීක්ෂාවන් සිදුවී ඇති බවත් දත්ත වාර්තාවලින් පෙන්නුම් කෙරේ.

Comments