ලාෆ්ස් සුප­ර්මා­ර්කට්ස් 20 වන සංව­ත්ස­රය සම­රයි | සිළුමිණ

ලාෆ්ස් සුප­ර්මා­ර්කට්ස් 20 වන සංව­ත්ස­රය සම­රයි

ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්.) සමාගම සිය 20 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. 2000 වසරේ ඔක්තෝබර් මස 31 වන දින හැව්ලොක් ටවුන් හීදි පළමු සුපිරි වෙළෙඳසැල විවෘත කරමින් ආරම්භ කරනු ලැබූ සිය මෙහෙයුම් කටයුතු අද වන විට සුපිරි වෙළෙඳසැල් 38කට ව්‍යාප්තවී ඇත.

මෙයින් බස්නාහිර පළාත කේන්‍ද්‍ර කර ගනිමින් සුපිරි වෙළෙඳසැල් 36ක් ක්‍රියාත්මක වන අතර, කුරුණෑගල සහ හලාවත ප්‍රදේශ ආවරණය කරමින් සුපිරි වෙළෙඳසැල් දෙකක් පිහිටුවා ඇත. ‘Sun-Up’ නාමයෙන් ක්‍රියාත්මක වුණු මෙම සුපිරි වෙළෙඳසැල් ජාලය, 2011 වසරේදී ලාෆ්ස් සුපර්මාර්කට්ස් ලෙසින් සිය වෙළෙඳ නාමය වෙනස් කරමින් අද වනතුරු අඛණ්ඩව තම පාරිභෝගිකයන් වෙත ආකර්ෂණීය වූ සේවා රැසක් ලබාදෙමින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබේ.

LAUGFS සමූහ ව්‍යාපාර දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බලශක්ති, පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාම්, කර්මාන්ත, සේවා, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු යන අංශ තුළ විවිධ ව්‍යාපාර ක්‍ෂේත්‍ර 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇත.

Comments