ඔන්ල­යින් පහසු කර­වන Huawei උපාංග | සිළුමිණ

ඔන්ල­යින් පහසු කර­වන Huawei උපාංග

Multi-screen collaboration විශේෂාංගය ක්‍රියාත්මක කිරීම සඳහා ලැප්ටොප් පරිගණකයේ PC Manager, Version 10 හෝ පසු version එකක් සඳහා අප්ඩේට් කළ යුතු අතර, ඒ සඳහා ගැළපෙන NFC feature සහ EMUI 10 සමගින් එන ස්මාර්ට් දුරකතනයක් හා ඒකාබද්ධ කළ යුතුය.

Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හඳුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සඳහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සඳහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකි වේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද පහසු මෙන්ම ආරක්ෂාකාරී උපාංග සැපයීමට Huawei සමාගම සමත්වී ඇත.

“Huawei හි ලැප්ටොප් සහ ටැබ්ලට් මාදිලයන් හි multi screen collaboration වැනි නව්‍ය අංගයන් නිවසේ සිට කාර්යාලිය රාජකාරි සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පරිශීලකයන්ට ඉතා ප්‍රයෝජනවත් වන අතර මෙම උපාංගයන්හි ඇති උසස් තාක්ෂණය නිසා කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව හා කාර්යක්ෂමව තම වැඩකටයුතු කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. මේ වනවිට Huawei MateBook X Pro , Huawei MateBook 13, Huawei MateBook D 15 සහ Huawei MatePad Pro යන උපාංගයන් සඳහා ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන අතර නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීමේ කටයුතු කරන බොහෝ දෙනා මෙම උපාංග වෙත ආකර්ෂණය වීම මෙයට හේතුව ලෙස පෙනීයයි.

Comments