අපනයන තේ රස අපටත් | සිළුමිණ

අපනයන තේ රස අපටත්

ශ්‍රී ලාංකිකයන්ට අපනයන මට්ටමේ සුපිරි ගුණාංගයන්ගෙන් යුත් තේ කොළ අවම මිලකට ලබා දීමට කටයුතු කර ඇතැයි වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සිළුමිණට පැවසීය.

බ්‍රිතාන්‍ය යුගයේ සිට මෙරට තේ කොළ නිෂ්පාදනය කෙරුණත් ශ්‍රී ලාංකිකයන්ට නිසි ගුණාත්මක තේ කොළ පානයට අවස්ථාවක් නොලැබුණු බවත් මෙරට ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය වෙළෙඳ පොළෙන් ජනතාවට අපනයන මට්ටමේ තේ කොළ මිලදී ගැනීම උදෙසා විශේෂ අලෙවිසල් ඇති කරන බවද ඇමැතිවරයා කීවේය. එමෙන්ම ඉතා සාධාරණ මිලකට තේ කොළ ලබාදෙන බවත් මෙයින් අපනයන වෙළෙඳපොළට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. නිසි සැලසුමකට අනුව මේ කාර්යය සිදු කරන බවත් මුළු රටම ආවරණය වන පරිදි අලෙවිසැල් ආරම්භ කරන බවද ඒ මහතා කීය.

Comments