Persistent Systems Lanka SOS ළමා ගම්මාන සඳහා අතහිත ලබා දෙයි | සිළුමිණ

Persistent Systems Lanka SOS ළමා ගම්මාන සඳහා අතහිත ලබා දෙයි

Persistent Systems Lanka සමාගම ශ්‍රී ලංකාවේ COVID-19 සහන මෙහෙවරට දක්වන දායකත්වයක් ලෙස සම්පාදිත සින්ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන (Infrared Thermometers) පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය.

ඉන්දියාවේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති එම සමාගම ලොව පුරා කාර්යමණ්ඩල සාමාජිකයන් 11,000 කට අධික පිරිසක් සමගින් විවිධ කර්මාන්ත සහ කලාප ආවරණය කරමින් ව්‍යාපාරවල ඩිජිටල්කරණය සහ ව්‍යවසාය නවීකරණය වේගවත් කිරීමෙහි නිරත වෙයි. එම සමාගම ගෝලීයව දියත්කරන ඇමරිකානු ඩොලර් මිලියන 3.3 ක සහන මෙහෙවරේ එක් පියවරක් ලෙස මේ ව්‍යාපෘතිය දියත් කෙරිණි.

COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා පාදික සින්ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන 350 කට අධික සංඛ්‍යාවක් මෙරට පාසල්, විශ්වවිද්‍යාල සහ රෝහල් සඳහා ලබාදීමට එම සමාගම මේවන විට ද කටයුතු කර ඇත.

පරිත්‍යාගය නිල වශයෙන් බාරදීම පිළියන්දල SOS ළමා ගම්මානයේදී සිදු කෙරුණු අතර එම අවස්ථාව සඳහා SOS ළමා ගම්මාන ප්‍රධානී - අරමුදල් සංවර්ධන හා සන්නිවේදන- ගයන්ත දල්පදාදු, එම සංවිධානයේ කලමණාකාරිනී- ආයතනික හවුල්කාරීත්ව - නිපුනිකා රුහුනගේ සහ Persistent Systems Lanka සමාගමේ පරිපාලන සහකාර කළමනාකාරිනී සුලෝචනා මද්දුමගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

වසර 70 කට අධික විශේෂඥ දැනුමකින් යුතු ලොව ප්‍රමුඛත ම ළමා රැකවරණ සංවිධානය වන SOS ළමා ගම්මාන මෙරට සමාගම් 10 ක් සමග අත්වැල් බැඳගෙන ඇත.

අවශ්‍යතා සහිත දරුවන් හට පවුල් ගොඩනැගීම, දරුවන්ගේ අනාගතය සාක්ෂාත් කිරීම සහ ප්‍රදේශයේ ප්‍රජාවගේ සංවර්ධනයට දායකත්වය ලබාදීම සඳහා එම සංවිධානය තවත් ආයතන සහ සමාගම් සමග අත්වැල් බැඳ ගැනීමට අපේක්ෂා කරයි.

Comments