Oppo F17 Pro වෙතින් නව හඳුන්වා දීම් රැසක් | සිළුමිණ

Oppo F17 Pro වෙතින් නව හඳුන්වා දීම් රැසක්

 Oppo F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ හදවත් දිනූ කලාකරවෝ සහ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික බ්ලොග්කරුවෝ සහභාගී වූහ.

අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම උත්සවයද අතිශයින් සාර්ථක වූ අතර, එය ද ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාවතේ නව සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක.

ඩිජිටල් මාධ්‍යයන් ඉලක්ක කරගත් මෙම උත්සවය පෞද්ගලික තලයේ එළිදැක්වීමේ උළෙලක් සඳහා සමගාමී සජීවී විකාශයක් සිදුකරන ලද ප්‍රථම අවස්ථාව වන අතර, නාලිකා 15 ක් සමග Facebook සහ YouTube සඳහා Full HD Streaming ක්‍රමයට විකාශය කරන ලදී.

OPPO F17 Pro යනු වර්තමානයේ අධිවේගී ජීවන රටාවන්ට මැනවින් ගැළපෙන, කාලයේ තාලයට සරිලන නවීන තාක්ෂණයන් එක්තැන් කරගත් දුරකථන මාදිලියකි. මේ සියල්ල පාරිභෝගිකයන් වෙතට පැමිණෙන්නේ ආකර්ෂණීය හා හුරුබුහුටි නිමාවකින් යුතුව ය.

Oppo F17 Pro මාදිලිය සමග මෙරට බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි, Wear OS by googleමෙහෙයුම් පද්ධතිය සහිත, ජලය ඇතුළු වීම අවම වන ලෙස නිපදවා ඇති Oppo Watch සහ, "Oppo Acoustics යටතේ එන, Active Noise Cancellation (ANC) තාක්ෂණය සහිත රැහැන් රහිත Oppo EncoW51 හෙඩ්‍ෆෝන් මාදිලිය හඳුන්වා දීම ද සිදු කෙරිණි.

Comments