Huawei Nova 7 SE පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව | සිළුමිණ

Huawei Nova 7 SE පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව

 Huawei විසින් 5G තාක්ෂණය මඟින් බලගන්වා ඇති Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන පෙර වෙන්කරවා ගැනීම් සඳහා විවෘත කරයි. Nova පවුලේ ප්‍රථම 5G ස්මාර්ට් දුරකථනය වන Huawei Nova 7 SE කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකතන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.

Space Silver, Crush Green සහ Midsummer Purple යන මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයින් අතර වඩාත් කතාබහට ලක්ව ඇත.

විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනෙදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.

2400x1080 පික්සල් resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ.

Huawei Nova 7 SE පෙර වෙන්කරවා ගැනීමට පාරිභෝගිකයාට දැන් අවස්ථාව හිමි වන අතර,දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk සහ බලයලත් නියෝජිත ජාලය හරහා රුපියල් 64,999/-.මුදලකට පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව හිමි වේ. මෙහිදී සෑම Huawei Nova 7 SE මිලදී ගැනීමක් සඳහාම Huawei විසින් පිරිණමන ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිවන අතර, පහසු ගෙවීම් ක්‍රම වලට මිලදී ගැනීමේ හැකියාවද පවතී. 

Comments