රකුටෙන් වයිබර් තම My Notes විශේෂාංගයට reminders එක්කරයි | සිළුමිණ

රකුටෙන් වයිබර් තම My Notes විශේෂාංගයට reminders එක්කරයි

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම පරිශීලකයින් My Notes විශේෂාංගයට එක්කරන එදිනෙදා කාර්යයන් හා වෙනත් වැදගත් කටයුතු පිළිබඳ සිහිගැන්වීමේ සංඥා (Reminders) හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. මේ සමඟ සියලු පණිවුඩ හා සිහිගැන්වීමේ සංඥා සියල්ල එකම ඇප් එකක පවත්වා ගනිමින්, සිය පෞද්ගලිකතාව ආරක්ෂා කරගැනීමට ද වයිබර් පරිශීලකයින්ට අවස්ථාව උදා වී තිබේ.

කාර්යබහුලත්වයත්, විශේෂයෙන් ම ගෝලීය වසංගතය නිසා මතුවූ අභියෝගත් හේතුවෙන් අපි එදිනෙදා කරන කාර්යයන් හා ඒ පිළිබඳ සිහිගැන්වීමේ සංඥා ලබා ගැනීම අත්‍යවශයතාවක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ම උපන්දින, දුරස්ථ විභාග සහ සමූහ ඇමතුම් ආදිය මතක තබාගැනීම සඳහා එවැනි සිහිගැන්වීමේ සංඥා පැවැතීම ඉතාම ප්‍රයෝජනවත් ය. My Notes විශේෂාංගය යටතේ එවැනි සිහිගැන්වීමේ සංඥා හඳුන්වාදීමත් සමඟ තම හිත මිතුරන් හා පවුලේ සාමාජිකයින් සමඟ සන්නිවේදන කටයුතු සිදුකරන වයිබර් ඇප් මෘදුකාංගය හරහා තම එදිනෙදා කටයුතු මනාව සැලසුම් කරගැනීමේ අවස්ථාව ද හිමිව තිබේ.

Comments