ජෝන් කීල්ස් පදනම මුලතිවු ප්‍රදේශයේ අමුණක් ඉදිකිරීමට දායක වෙයි | සිළුමිණ

ජෝන් කීල්ස් පදනම මුලතිවු ප්‍රදේශයේ අමුණක් ඉදිකිරීමට දායක වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිවු දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයිි ප්‍රදේශයේ නවලඩිවේලිහී, කුඹුරු අක්කර 300 කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අවසන් කාර්යය ලෙස ඉදිකර, මුලතිවු දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන්, ජෝන් කීල්ස් සමූහය නියෝජනය කරමින් එහි දේපළ සමූහයේ සමූහාධිපති සුරේෂ් රාජේන්ද්‍ර ඇතුළු ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානීන් සහ වර්ල්ඩ් විෂන් ආයතනය වෙනුවෙන් එහි ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වය තුළ ජනතා අයිතියට පත්කරන ලද මෙම අමුණ, ප්‍රදේශයේ ජල සම්පත උපරිම ඵලදායී ලෙස භාවිතා කරමින් යල සහ මහ කන්න දෙකේදීම භෝග වගාකිරීමට අවස්ථාව සලසා දෙන අතර, එමගින් ඉරණපාලෙයිි සහ ඒ අවට පවුල් 100 කට අධික සංඛ්‍යාවකට සෙත සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

Comments