අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ පරිත්‍යාගයක් | සිළුමිණ

 අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ පරිත්‍යාගයක්

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම, අයිඩියල් ව්‍යාපාර සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා යන අය විසින් අනුරාධපුර මහා විහාරවාසී අංකුඹුරේ රේවත, කිරින්දේ ඥානදර්ශන යන නාහිමිවරුන් වෙත මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයේ යතුර බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ අයිඩියල් මෝටර්ස් කළමනාකරුවන් වන සමීර බමුණුආරච්චි, මංජුල මාරසිංහ සහ අයිඩියල් මෝටර්ස් සාමාන්‍යාධිකාරි චන්දන සූරියආරච්චි යන අයද ඡායාරුපයේ වෙති.

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ නිෂ්පාදන සඳහා මෙරට එකම බලයත් අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් විසින් නවතම මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ දෙකක් බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට සහ රුහුණු කතරගම මහා දේවාලයට පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය. අයිඩියල් මෝටර්ස් සමාජ සුබසාධන ව්‍යාපෘති යටතේ, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලීන් වෙල්ගමගේ මග පෙන්වීම මත අයිඩියල් මෝටර්ස් සුබසාධක සංගමය මගින් මෙම ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ පරිත්‍යාග කිරීම සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව පසුගියදා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට, ස්වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීම පිණිස පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා, අනුරාධපුර මහා විහාරයේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලාගේ ගමනා ගමන කටයුතු සඳහා මෙන්ම රෝගී වන බැතිමතුන්ගේ උපස්ථාන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කෙරිණි. මීට අමතරව රුහුණු කතරගම පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන්ද අයිඩියල් මෝටර්ස් විසින් මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් රුහුණු කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ වෙත බාර දෙන ලදී. 

Comments