කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

කොරෝනා

හිනෙ­න්වත් නොසිතු ලෙසක සුසුමු අතර ගැවසී
හිත­න්න­වත් බැරි මොහො­තක වදන සමඟ දැවටී
හිඳින්න යැයි සුර­ලොව සැප පිළි­ග­න්නට සැරසී
මගෙ ආද­ර­ණීය කොරෝනා රහ­සින් පැවසී


කාලෙන් කාලෙට ගති­ගුණ හැඩ රුව
වෙනස් කරන හැටි තාලෙන් තාලෙට
නොනැසී නොගැටී රැකෙන්න හැක්කේ
වෙනස් වුණොත් පම­ණයි ඔය තාලෙට


ආයෙ වැඩක් නෑ පස්සෙ කියා
ඔයා වගේ­මයි එයත් මෙයා
දියු­ණුය කියනා අද මේ ලොව තුළ
සෙවුම් බැලුම් කළ­මුත් නෙක විදු­හුරු
ඔබෙ හැබෑ තතු හඳුනා ගන්නට
කිසි­වෙ­කු­ටත් තව හැකි වී නැති හැටි


සිතන තරම් බිය ජන­කත් නෑ ඔබ
හෑල්ලු­වට අර­ග­න්නට බෑ මට
අතේ දුරින් සිටි­යො­තින් හැබෑ­වට
ඉන්න ලැබෙයි පිහි­ටෙන් මුඛ­ව­ඩම


ඇරපු අතක් නෑ කියමි ලියා
ඔයා වගේ­මයි එයත් මෙයා

කැමති වුණත් අක­මැ­තිම වුණත් මට
වික­ල්ප­යක් නැත ඇය ගැටෙනා
හිටි හැටියේ දැන් හැර යනු කෙළෙ­සද
අව­බෝ­දෙන් කල් හරිනු විනා
කියල වැඩක් නෑ කියමි
ලියා ඔයා වගේ­මයි එයත් මෙයා


මොනවා කිව්වත් කවු­රුත් කට­ව­හ­ගෙන ඉන්නම්
මගෙ වර­දක් නැති ගානට අත් සෝදා ගන්නම්
බෙහෙ­තක් නැති ලෙඩක් කියා තේරුම් අර­ග­න්නම්
තව ටික කාල­යක් ඔහේ ඉව­සා­ගෙන ඉන්නම්


නිමල් වසන්ත කුමාර

--------------------

ද ළ­ඹු කවිය


ගස්වල මහ කදන් බදා එක රොත්තට ගුලි­වෙ­නවා
කොළ සූරා අතු සූරා ගෙඩි මල් වන­ස­නවා
බලන්න අපු­ලයි කිය­මින් හැම­දෙන මඟ­හැර යනවා
සම­න­ල­යකු වී යන­තුරු ඒ ගැර­හුම් ඉව­ස­නවා..


දළඹු වියේ පිළි­කුල් වුව රන් සම­න­ල­යකු වූදා
ඇනුම් බැණුම් අව­සන් වෙයි යට වී කර­දර බාදා
නිරෙන් මිදි දෙව්ලෝ ගිය ලෙස සිය­ලුම පවු සෝදා
පිය­ඹ­න්නට අව­සර ඇත රිසි­ලෙස අත්තටු වීදා


පාට පාට තටු ලැබු­ණෙන් පියා සල­න්නට හැක්කේ
අපාය හැර දැමු පිනෙන් සුවඳ සුපිපි මල් දැක්කේ
සම­න­ල­යකු වී යන්නයි දළඹු ආත්මය වික්කේ
දිනා ගන්න මිනි­සුන් සිත් මා වෙන කර­නුයෙ මක්කේ


පිළි­කුල් වුණු කාලය ඉව­රයි සිත තුළ සතුට ගෙනේ
පෙර පවු සේදී දියවී සුප­හන් බව හදට දැනේ
අඳුරේ ඉන්නේ කුම­ටද නුදු­රින් නව එළිය පෙනේ
දළ­ඹු­ව­කුව සිටි අව­ධිය ගෙව­ලයි සම­න­ලෙකු වුණේ


මිනිස් සිරුර වන වෙන­වලු තැව­රුන කළ දළ­ඹූවා
තෙල් ගා සූරා දමන්න සිදු­වෙයි මොහො­තින් ඒවා
හිරි­කිත නැති සතෙකු වන්න මුව මුව ආසිරි දේවා
මතු දින දළ­ඹු­වකු නොවී මා සම­න­ළ­යකු වේවා


රත්නා ලංකා අබේ­වි­ක්‍රම
 

--------------

කහට

දත්වල
විට කහට
අත්වල
තේ කහට
ඒත් හද­වත අපේ
පිරි­සු­දුයි
තේ දලු වගේ


රත්න­සිරි පති­රණ
 

-------------

අම්මා


බොල් වීයෙන් සුනු සහ­ලක් පොළා සොයා
නිල් ඕවිටේ දලු පැහැ­යෙන් සුවඳ කළා
නැළ­විල්ලේ මුදු සර­යෙන් උදේ හවා
දැහැන් සදා මල් එක දෙක පුබුදු කළා


සිනිඳු අතින් කළා­ල­යක් හැඩ කරලා
මැදි­යම් රැයේ සීත බිමේ දිගා වෙලා
ඉලුක් වහලෙ සිදුරු දිගේ අහස බලා
තරු එළි­යට කතා කරා කඳුළු සලා


සිහින ගොඩක් කතා කරත් රැයක් පුරා
එකම හීන­යක් දුටුවා රෑ නොනිදා
කිරි සිහි­නෙට යන්න නොදී දොරින් පලා
මගෙ අම්මා අපි­ටම වී නිවන් ගියා


දේවි ජය­ව­ර්ධන
 

-----------

නෙළුම හා බිඟු

ඒ සැඳෑ යාමයේ
අනු­රා­ගයේ
පහස් සංසි­ඳු­වා­ගත්
බිඟු නික්ම යද්දී
උඩ­ඟුව
බිඟු හා
ප්‍රේමයේ වෙළී උන්
නෙළුම සිය පෙති
ගඟ දිය
මත
පා කළේ
හැඬූ කඳු­ලිනි


නිරෝෂ කරු­ණා­රත්න

------------

ලාච්චුවේ ආදර කවි


ඇතැම් විට
විවෘත කර­න්නෙමි මම
මගේ හද­වතේ ලාච්චු
මා වඩාත් ප්‍රිය කරන්නේ
ආද­රය එක් රැස් වෙන ලාච්චු වල­ටය
මට හැෙඟන්නේ ඒවා
විවෘත කිරීම පහසු වුවද
වසා දැමීම මහත් පරි­ශ්‍ර­ම­යක් දැරිය යුතු
කට­යු­ත්තක් බවය
රිචර්ඩ් ක්නෙක්ට්


ඔහු ස්විස් ජාතික කවි­යෙකි. වසර ගණ­නා­වක සිට අන්ත­ර්ජා­ල­යෙන් ඈත්ව ඊමේල් නොමැ­තිව, ඉලෙ­ක්ට්‍රො­නික් භාවිතා නොක­රන, යතුරු ලිය­න­යෙන් කවි ලියන ඔහු විසින් ජර්මන් බසින් ලියු ස්විස් කවි කිහි­ප­යකි.


පරි­ව­ර්ත­නය.
සුනේත්‍රා ඇතු­ග­ල්පුර

--------------

කොළඹ කෝච්චිය


හදිස්සි ද මේ තරම්
විය­පත් නගර ළඳ
සැන්දෑ සළුව ඇඳ­ගෙන
විලි වහ­ගන්න කලි­යෙන්
ඔන්න දුව­ගෙන එන
කොළඹ කෝච්චිය
හූ කියා­ගෙන


වතුර පිරුණ මහ ලියැද්දෙ
වක්කඩ කැඩු­ව­හම වාගෙ
කෝච්චියෙ පෙට්ටි­ව­ලින්
ජන­ගඟ වෙහෙ­සව ගල­නව


තරුණ ළඳක් ඇසි­ල්ල­කින්
දෙ අදර රත් පෑ වියලී
ඉරි­තැ­ලුවා වැනි දෙතො­ලින්
දුබල සිනා­වක් නඟ­මින්
එ සැණ ම නෙත් හී සර විද
සන් කළ මුත් තරු­ණෙකු හට
රැල්ලට අසු වී නොදැ­නිම
ගසා­ගෙන ගියා ඔහු තව
නොපෙනී නොපෙනී ඈතට


අම්ම තාත්තා දුටුව ද
බලන්න නෑ කල් අව­සර
කිටි කිටියේ තදව තදව
රැල්ල දිගේ ඇදෙනු මිසෙක


වය­සට ගිය ලොකු ලොරි­යක්
බෝධිය ළඟ නතර වෙලා
කළු දුම වම­නය කර­නව
මද්දු­මීට පේන්නැද්ද
නාහෙ මිරි­ක­ගෙන මෙහෙ වර
උඩ­ප්ප­රන් ගහ­න්නැ­තුව


ජය­සේ­කර මල­වි­ආ­රච්චි

----------------------

කුවේ­ණි­යට...

සියලු දොස් මා පිටට
දමා උන් සිනාසී
මධු සාද පවත්වා
ජය ඝෝෂ නගාවී
හද දෙපළු වී ගොසින්
දරා­ග­න්නට බැරි
හිත හදා­ග­න්නට වරක්
වරෙන් මයෙ කුවේණී


දුශ්‍යන්ති ගුණ­ති­ලක

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
සිළුමිණ, කවි පිටුව,
ලේක්හවුස්, කොළඹ 10.
[email protected]

 

 

Comments