හොඳම ආය­ත­නික වෙබ් අඩ­විය සම්මා­නය ප්‍රයිම් දිනා ගනී | සිළුමිණ

හොඳම ආය­ත­නික වෙබ් අඩ­විය සම්මා­නය ප්‍රයිම් දිනා ගනී

 ප්‍රයිම් සමු­හය 10 වන වර­ටත් සංවි­ධා­නය කෙරුණු  BestWeb.lk 2020 සම්මාන උළෙ­ලේදී සම්මාන දෙකක් දිනා ගනියි. වෙබ් අඩවි සඳහා සම්මාන පිරි නැමී­මට  වාර්ෂි­කව පැවැ­ත්වෙන මෙම තර­ගා­ව­ලියේ දී කාණ්ඩ දෙකක් යටතේ සම්මාන දිනා ගැනී­මට ප්‍රයිම් සමූ­හය සමත් විය. 

එහිදී හොඳම ආය­ත­නික වෙබ් අඩ­විය සඳහා වන රන් සම්මා­න­යත්, සමස්ථ තර­ගා­ව­ලියේ රිදී සම්මා­න­යත් ඔවුන් දිනා ගත්තේය. එම­ගින් ඉදිරි තාක්‍ෂණ, නවෝ­ත්පා­දන සහ සැල­සු­ම්ක­ර­ණය කෙරෙහි ප්‍රයිම් සමූ­හයේ ඇති කැප­වීම මනාව පිළි­බිඹු කෙරිණි.  ප්‍රයිම් සමු­හයේ www.primelands.lk ආය­ත­නික වෙබ් අඩ­විය මෙලෙස “Overall Winners” කාණ්ඩය යටතේ රිදී සම්මා­න­යත්  “Corporate” කාණ්ඩය යටතේ රන් සම්මා­න­යත් හිමි කර ගනු ලැබුවේ සමස්ත තර­ග­ක­රු­වන් 485ක් අතු­රින් සිය විශි­ෂ්ට­ත්වය විදහා දක්ව­මිනි.

Comments