සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ වෙතින් රුපි­යල් මිලි­යන 30 ක් වටිනා රත්ත­රන් | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ වෙතින් රුපි­යල් මිලි­යන 30 ක් වටිනා රත්ත­රන්

කොවිඩ්-19 වසං­ගත තත්ත්වය හමුවේ පනවා තිබෙන විදේශ ගමන් සීමා නිසා සෙලින්කෝ ලයිෆ් සමා­ගම සිය ‘ෆැමිලි සවාරි’ ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන මගින් සමා­ගමේ රක්ෂණ ඔප්පු­හි­මි­යන්ට නව­තම අත්දැ­කී­මක් ලබා­දෙ­මින් රුපි­යල් මිලි­යන 30 ක් වටිනා රත්ත­රන් ලබා­දී­මට කට­යුතු යොදා ඇත. 

සාමා­න්‍ය­යෙන් ‘ෆැමිලි සවාරි’ ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන මගින් ලබා­දෙන විදේශ සංචාර සහ දේශීය සංචාර වෙනු­වට මෙවර මේ ආකා­ර­යෙන් රත්ත­රන් දිනා­ගැ­නී­මට අව­ස්ථාව ලබාදී තිබෙන බව සෙලින්කෝ ලයිෆ් සඳ­හන් කරයි. කොවිඞ්-19 වසං­ගත තත්ත්වය දෛනික ජීවි­තයේ බොහෝ අංශ වලට බාධා ඇති­කර තිබෙන අව­ස්ථා­වක පව­ත්වන මෙම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නේදී සමා­ගම විසින් මාස දෙක­කට වරක් දිනුම් ඇදී­මක් පව­ත්ව­මින් වස­රක් තුළ දිනුම් ඇදීම් හයක් පව­ත්වනු ඇත. මෙහිදී, එක් දිනුම් ඇදී­ම­කදී සුපිරි ජය­ග්‍රා­හ­ක­යාට රුපි­යල් මිලි­ය­න­යක් වටිනා රත්ත­රන් දිනා­ගැ­නී­මට අව­ස්ථාව හිමි­වන අතර අනි­කුත් ජය­ග්‍රා­හ­ක­යින් 99 දෙනා අතර රුපි­යල් මිලි­යන 04 ක් වටිනා රත්ත­රන් බෙදා දෙනු ලැබේ. 

සේයාරූ සට­හන - 

සෙලින්කෝ ලයිෆ් සමා­ගමේ ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කා­රී­ත්වයේ සහ අලෙ­වි­ක­රණ අංශයේ නියෝ­ජි­ත­යින් සමග ෆැමිලි සවාරි වැඩ­ස­ට­හනේ සන්නාම තානා­ප­ති­ව­රුන් සිව්දෙනා.

Comments