කොම­ර්ෂල් බැංකු­වෙන් ත්‍රෛයි­භාෂා ඒකා­බද්ධ ඇම­තුම් හා සහාය මධ්‍ය­ස්ථා­න­යක් | සිළුමිණ

කොම­ර්ෂල් බැංකු­වෙන් ත්‍රෛයි­භාෂා ඒකා­බද්ධ ඇම­තුම් හා සහාය මධ්‍ය­ස්ථා­න­යක්

සිය පාරි­භෝ­ගි­ක­යන්ට සහ පාර්ශ්ව­ක­රු­වන්ට භාෂා තුනෙන්ම සතියේ දින හතේම පැය 24 පුරා සේවා සැප­යීම සඳහා කොම­ර්ෂල් බැංකුව විසින් ඒකා­බද්ධ ඇම­තුම් මධ්‍ය­ස්ථා­න­යක් එළි­දක්වා තිබෙන අතර, බැංකුවේ ගනු­දෙ­නු­ක­රු­වන්ට විවිධ සන්නි­වේ­දන නාලිකා ඔස්සේ මෙම මධ්‍ය­ස්ථා­න­යෙන් තොර­තුරු විම­සීම සහ සහාය ඉල්ලා සිටීම කළ හැකි බව බැංකුව සඳ­හන් කරයි. 

මෙම ඇම­තුම් මධ්‍ය­ස්ථා­නය තුළ බැංකුවේ පාරි­භෝ­ගික සේවා නියෝ­ජි­ත­යන් සේවය කරන අතර ඔවුන් පාරි­භෝ­ගි­ක­යන්ගේ ඇම­තුම් වලට පිළි­තුරු ලබා දීම, පාරි­භෝ­ගි­ක­යන්ගේ ඉල්ලීම් සහ ප්‍රති­චාර සට­හන් කර­ගැ­නීම සිදු කරන අතර පාරි­භෝ­ගි­ක­යින්ට උසස් අත්දැ­කී­මක් ලබා­දීම සඳහා මෙම කණ්ඩා­ය­මට මනා පුහු­ණු­වක් ලබාදී තිබේ. මේ වෙනු­වෙන් මෙම කට­යුතු බැංකුව විසින් නිසි අධී­ක්ෂ­ණ­ය­කට සහ නිරී­ක්ෂ­ණ­ය­කට බඳුන් කර ඇත. 

සේයාරු සට­හන - 

කොම­ර්ෂල් බැංකුවේ ඒකා­බද්ධ ඇම­තුම් මධ්‍ය­ස්ථා­නය විවෘත කරන අව­ස්ථා­වේදී බැංකුවේ ප‍්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී, සනත් මන­තුංග (වමේ සිට තුන්වැන්නා) සහ එම අව­ස්ථා­වට සහ­භාගී වූ (වමේ සිට) බැංකුවේ ජ්‍යෙෂ්ඨ සාමා­න්‍යා­ධි­කාරී - ඇම­තුම් මධ්‍ය­ස්ථා­නය බිය­ට්‍රිස් ස්ටාර්ලිං, කාඩ්පත් මධ්‍ය­ස්ථා­නයේ ප්‍රධානී, තුසිත සුර­වීර, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී - අලෙ­වි­ක­රණ හස්රත් මුණ­සිංහ, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී - මානව සම්පත් කළ­ම­නා­ක­ර­ණය ඉසුරු තිල­ක­ව­ර්ධන සහ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී - පුද්ග­ලික බැංකු කට­යුතු සැන්ඩ්‍රා වල්ගම ඡායා­රූ­පයේ වෙති

Comments