ඕෂන් ලංකා සමා­ගම රිදී ජුබි­ලිය සම­රයි | සිළුමිණ

ඕෂන් ලංකා සමා­ගම රිදී ජුබි­ලිය සම­රයි

ශ්‍රී ලංකාවේ විශා­ල­තම weft knitted රෙදි­පිළි නිෂ්පා­ද­කයා වන ඕෂන් ලංකා සමා­ගම, සිය අභි­මා­න­වත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංව­ත්ස­රය සම­රයි. 

අඛණ්ඩ 25 වස­රක් පුරා ශ්‍රී ලාංකීය ඇඟ­ළුම් ක්ෂේත්‍රයේ විශා­ල­තම මෙන්ම, ප්‍රමු­ඛ­තම සමා­ගම බවට පත් වීමට සහ ජාත්‍ය­න්තර වශ­යෙන් තර­ග­කාරී සමා­ග­මක් ලෙසින් ස්ථාව­ර­ත්ව­යක් ගොඩ­නගා ගැනී­ම­ටත් ඕෂන් ලංකා සමා­ගම වෙත හැකිව තිබීම හේතු­වෙන් මෙම සංව­ත්ස­රය, සමා­ගම මහත් අභි­මා­න­යෙන් යුතුව සිහි­පත් කරයි. 

සමා­ගමේ ආර­ම්භයේ පටන්ම ශ්‍රී ලංකාවේ විශා­ල­තම weft knitted රෙදි පිළි නිෂ්පා­ද­කයා ලෙසින් නමක් දිනා ගන්නට සමත් වුණු ඕෂන් ලංකා සමා­ගම, ගෙතීමේ සිට රෙදි ඩයි කිරීම, මුද්‍ර­ණය කිරීම සහ නිම කිරීම දක්වා වන රෙදි නිෂ්පා­ද­නයේ අදි­යර හත­රම මගින් දේශීය හා ජාත්‍ය­න්තර වෙළෙඳ පොළ සාර්ථ­කව ජය­ගත් සමා­ග­මකි.

Comments