එන්ජීඕ සල්ලි කෝටි 5,000ක් පිල්ලි ගිහින් | සිළුමිණ

එන්ජීඕ සල්ලි කෝටි 5,000ක් පිල්ලි ගිහින්

විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවි­ධාන හරහා මෙර­ටට ලැබුණු රුපි­යල් කෝටි 5,000කට අධික මුදල් අව­භා­විත වී ඇති බවත් එම මුද­ලින් කොට­සක් ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් වන කට­යුතු හා අන්ත­වා­දය පැති­ර­වීම සඳ­හාද යොදා ගෙන ඇති බවට තොර­තුරු වාර්තා වී තිබේ. මෙයින් වැඩි මුද­ලක් රාජ්‍ය නොවන සංවි­ධාන 280ක් හරහා ලැබී තිබේ.

විදේ­ශීය ආධාර ලබා ගන්නා ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවි­ධාන 404 ක් හා ජාතික මට්ටමේ ආධාර ලබා ගන්නා හා විදේ­ශීය ආධාර ලබා ගැනී­මට බලා­පො­රො­ත්තු­වෙන් සිටින සංවි­ධාන 1,245ක් ලියා­ප­දිං­චිව ඇති අතර මේ සංවි­ධාන 1,644න් මේ වන විට සක්‍රිය තත්ත්වයේ පව­තින්නේ 669කි. පසු­ගි­යදා හෙළි වූ නීතිඥ හිජාස් හිස්බු­ල්ලාගේ ‘සේව් ද පර්ල්‘ නැමැති රාජ්‍ය නොවන සංවි­ධා­නයේ ගිණු­මට කටාර්හි නීති විරෝධී සංවි­ධා­න­ය­කින් රුපි­යල් මිලි­යන 13ක් එවා ඇති බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සොයා ගන්නා ලදී.

මේ පිළි­බ­ඳව රාජ්‍ය නොවන සංවි­ධාන පිළි­බඳ ජාතික මහ­ලේ­කම් කාර්යා­ලයේ අධ්‍යක්ෂ රාජා ගුණ­රත්න මහ­තා­ගෙන් කළ විම­සී­ම­කදී ඔහු කියා සිටියේ මෙරට අන්ත­ර්ජා­තික, ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේ­ශීය ලෙසින් ලියා­ප­දිංචි රාජ්‍ය නොවන සංවි­ධාන 38,019 ඇති බවත් එයින් විදේශ ආධාර ලබන හා ජාතික මට්ටමේ සංවි­ධාන 1,649න් සංවි­ධාන 980ක් මේ විට අක්‍රිය තත්ත්වයේ ඇති බවයි.

රාජ්‍ය නොවන සංවි­ධාන අක්‍රිය වූ විට කළ හැකි කාර්ය­යන් පිළි­බඳ නිසි ක්‍රම­වේ­ද­යක් මෙරට නොමැති වීම හා රාජ්‍ය නොවන ආය­තන පිළි­බඳ නිසි අධී­ක්ෂ­ණ­යක් කිරී­මට මෙරට තිබෙන නීති රීති ඉතාම දුර්වල බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

වස­ර­කට වරක් විග­ණන වාර්තා­වක් මහ­ලේ­කම් කාර්යා­ල­යට එවූ­වද ඒවා නිවැ­රැදි හෝ අදාළ  කාර්ය­යක් සිදු කර ඇත්දැයි සොයා බැලී­මට හැකි­යාව අවම මට්ට­මක පව­තින බවද ඔහු කීවේය.

තමන්ට වාර්තා වී ඇති පරිදි ක්‍රියා­ත්මක රාජ්‍ය නොවන සංවි­ධාන පවා ව්‍යාපෘ­ති­ව­ලට ලැබෙන මුද­ලින් වැය කරන්නේ 20%ක පමණ මුද­ලක් බවත් ඉතිරි 80% මුදල් ඔවුන්ගේ කට­යුතු සඳහා යොදා ගෙන ඇති බවට පෙනී යන්නේ යැයිද ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය නොවන සංවි­ධාන හරහා මෙරට සංව­ර්ධ­න­යට දාය­ක­ත්ව­යක් ලබා­දෙන නමුත් ඇතැම් සංවි­ධාන හරහා ජාතික ආර­ක්ෂා­වට විශාල තර්ජ­න­යක් වන අතර අන්ත­වාදී අද­හස් පැති­ර­වීම වැනි කට­යුතු සම්බ­න්ධව විධි­මත් නිය­න­ම­යක් සහිත පන­තක් ඉදි­රි­යේදී ගෙන ඒමට මේ වන විට කට­යුතු කර­මින් සිටින බවත් ඒ සම්බ­න්ධව රාජ්‍ය නොවන සංවි­ධා­න­වල පවා අද­හස් ලබා ගනි­මින් පව­තින බවත් මේ වන විට විශේෂ සාකච්ඡා දෙකක්ද පවත්වා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

 

Comments