හොඳම පොල්තෙල් ගැන කියන තරු පහේ ලාංඡ­නය | සිළුමිණ

හොඳම පොල්තෙල් ගැන කියන තරු පහේ ලාංඡ­නය

සි­යානු රට­වල කෑම පිසීමේ දී පොල්තෙල් සුල­බව යොදා ගනී. එහෙත් මේ වන විට විවිධ විෂ සහිත දෑ කල­වම් වූ හා කල­වම් කරන ලද තත්ත්ව­යෙන් බාල පොල්තෙල් වෙළෙ­ඳ­පොළ තුළ සුලබ ව අලෙවි වීම නිසා ජන­තා­වගේ සෞඛ්‍යා­ර­ක්ෂාව පිළි­බඳ බර­ප­තළ ගැටලු මතු වෙමින් තිබේ.

මේ වන විට මෙරට වෙළෙ­ඳ­පළේ අලෙවි කෙරෙන පොල්තෙ­ල්ව­ලින් සිය­යට හැත්තෑ­වක්ම නිසි ප්‍රමි­ති­යෙන් තොර බව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය පව­සයි. දැනට වෙළෙ­ඳ­පොළේ අලෙවි කෙරෙන පොල්තෙ­ල්ව­ලින් සාම්පල එක­සිය දාහ­තක් පරික්ෂා කිරී­මෙන් ඒ බව හෙළි වී ඇත. මෙම තත්ත්වය පාල­නය කිරී­මට පාරි­භෝ­ගික ජන­තා­වට ප්‍රමි­ති­ගත ගුණා­ත්මක තත්ත්ව­යෙන් යුතු පොල්තෙල් ඉතා පහ­සු­වෙන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ හා පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ සහ­යෝ­ගය ඇතුව තරු පහ­කින් යුතු නව ලාංඡ­න­යක් හඳුන්වා දීමට පොල් සංව­ර්ධන අධි­කා­රිය කට­යුතු යොදා තිබේ. මෙම තරු පහ ලාංඡ­නය ලබා දීමේ දී පොල්තෙල් නිෂ්පා­ද­නා­ගා­රයේ නිෂ්පා­දන ක්‍රම­වේ­දය, නිෂ්පා­දන පරි­ශ්‍රයේ තත්ත්වය ආදී කට­යුතු පරී­ක්ෂා­වට ලක් කෙරෙන අතර එකී ලාංඡ­නය සහිත පොල්තෙල් වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මෙන් පසු­වද නිර­තුරු පරී­ක්ෂා­වට ලක් කෙරේ.

වෙළෙ­ද­පොළේ ඇති බාල පොල්තෙල් භාවි­තය නිසා ජන­තා­වගේ සෞඛ්‍යා­ර­ක්ෂා­වට එල්ල වී ඇති තර්ජන හමුවේ ප්‍රමි­ති­යෙන් යුතු පොල්තෙල් නිෂ්පා­දන හඳුනා ගැනී­මට එම තරු පහේ ලාංඡ­නය උප­කාරී වන ආකා­රය පිළි­බඳ සොයා බැලී­මට අප අද­හස් කළෙමු.

හැම විටම භාවිත කළ යුත්තේ ප්‍රමි­ති­යට අනුව නිෂ්පා­ද­නය වන පිරි­සුදු පොල්තෙල්

ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කපිල සෙනෙ­වි­රත්න

රසා­යන විද්‍යා අංශය- කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය

“හොඳ පොල්තෙල් එහෙ­මත් නැති­නම් ප්‍රමි­ති­යෙන් හා ගුණා­ත්ම­ක­භා­ව­යෙන් යුතු පිරි­සුදු පොල්තෙල් ලෙස හඳුන් වන්නේ සෞඛ්‍ය­යට අහි­ත­කර කිසිදු ද්‍රව්‍ය­යක් එකතු වීමට ඉඩ නොදෙ­මින් සෞඛ්‍යා­ර­ක්ෂිත තත්ත්ව යටතේ නිප­ද­වන පොල්තෙල්. පොල්තෙල් මිලදී ගැනී­මේදී ප්‍රමි­තිය, ගුණා­ත්මක භාවය හා සෞඛ්‍යා­ර­ක්ෂිත බව තහ­වුරු කර­මින් විධි­මත් ලෙස ලබා දෙන සහ­ති­ක­යක් නිකුත් වී තිබේ­දැයි සොයා බලා මිලදී ගැනී­මට උනන්දු වීම ඉතා වැද­ගත්. වෙළෙ­ද­පොළ තුළ අලෙවි වන විවි­ධා­කාර පොල් තෙල් වර්ග අතර කොප්පරා භාවිත කර නිප­ද­වන අලුත් පොල්තෙල් වගේම පාවිච්චි කරන ලද පොල් තෙල් නැවත පිරි­ප­හදු කර අලුත් තෙල් ලෙස විකු­ණන බවත් හෙළි වී තිබෙ­නවා.

කෝප්ප­රා­ව­ලින් නිප­ද­වන පොල්තෙල් සෞඛ්‍යා­ර­ක්ෂිත ලෙස පිරි­සු­දු­වට සකස් නොක­ළ­හොත් විවිධ රසා­නික ද්‍රව්‍ය එකී පොල්තෙ­ල්ව­ලම නිෂ්පා­ද­නය වී ඒවා ශරී­ර­යට අහි­ත­කර ප්‍රති­ඵල ගෙන දෙන බවත් තහ­වුරු වී තිබෙ­නවා. හොඳ පිරි­සුදු පොල්තෙල් කියන්නේ ශක්තිය ජන­නය කළ හැකි මේද අම්ල­යක්. එය අප ශරී­රයේ අව­ශෝ­ෂණ ක්‍රියා­ව­ලිය වැඩි දියුණු කර­න්නත් උප­කාරී වෙනවා. පොල් තෙල්වල ඇති මධ්‍ය­ම­දාම මේද අම්ල සෞඛ්‍යට හිත­ක­රයි. ඒ වගේම පොල්තෙල් ඉතා ඉහළ උෂ්ණ­ත්ව­ය­කට රත් කරද්දී පවා ගුණය වෙනස් නොවී පව­තින අතර එළ­වළු තෙල් හා වෙනත් තෙල් වර්ග ඉහළ උෂ්ණ­ත්ව­යේදී සෞඛ්‍ය­යට අහි­ත­කර දේ නිෂ්පා­ද­නය කර­නවා. ඒ නිසා පොල්තෙල් ශරී­ර­යට සුදු­සුම ගුණා­ත්මක දෙයක් ලෙස හැඳින්විය හැකියි.

මේ නිසා හැම විටම ප්‍රමි­ති­යෙන් හා ගුණා­ත්ම­ක­භා­ව­යෙන් යුතු පිරි­සුදු පොල්තෙල් නිෂ්පා­ද­නය සඳහා නිෂ්පා­ද­ක­යන් දිරි ගැන්විය යුතුයි. වෙළෙ­ඳ­පො­ළෙන් පොල්තෙල් මිලදී ගන්නා පාරි­භෝ­ගි­ක­යන් පොල් සංව­ර්ධන අධි­කා­රිය විසින් නිකුත් කර ඇති තරු පහේ ලාංඡ­නය සහිත සහ­ති­කය තිබේ­දැයි බලා මිලදී ගැනී­මට කට­යුතු කළ යුතුයි”

තරු පහේ ලාංඡ­නය සහිත පොල්තෙල් ම මිලදී ගන්න

පී. එදි­රි­මාන්න

අධ්‍ය­ක්ෂක සැල­සුම් හා සංව­ර්ධන පොල් සංව­ර්ධන අධි­කා­රිය

“අපේ රටේ ආහාර සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා වාර්ෂික පොල් අව­ශ්‍ය­තාව මෙට්‍රික් ටොන් 1,80000ක් පමණ වෙනවා. මේ ප්‍රමා­ණ­යෙන් සිය­යට 50ක් පමණ තමයි තව­මත් නිෂ්පා­ද­නය කර ගන්න පුළු­ව­න්කම තියෙන්නේ. ඉතිරි පොල් හා පොල්තෙල් අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරී­මට සිදුව ඇත්තේ ආන­ය­නික නිෂ්පා­ද­න­ව­ලින්. මේ වන විට විවිධ මිල ගණන් යටතේ ආදේ­ශක තෙල් වර්ග ලංකා­වට ඇවිත් තියෙ­නවා. කෙසේ වුවත් විදේශ රට­ව­ලින් ආන­ය­නය කෙරෙන බොහො­ම­යක් නිෂ්පා­දන අපේ රටේ නිප­ද­වෙන තරම් උසස් නිෂ්පා­දන නොවන බව ඉතාම පැහැ­ද­ලියි. ඒ වගේම ඒවා මිලෙ­නුත් අධි­කයි. ඇතැම් ජාවා­ර­ම්කාර දේශීය වෙළෙ­න්දොත් ලාභය පසු­පස හඹා ගොස් විවිධ දේ මිශ්‍ර කර බාල තත්ත්වයේ පොල්තෙල් වෙළෙ­ඳ­පො­ළට නිකුත් කර­නවා. මේ නිසා පාරි­භෝ­ගි­ක­යන් රෝග­ව­ලට ගොදුරු වනවා පම­ණක් නොවෙයි අව­සා­න­යේදී එවැනි ලෙඩ­රෝග නිසා මර­ණය පවා ළඟා කර ගන්නවා.

පොල් සංව­ර්ධන අධි­කා­රිය හැටි­යට අපි මෙම කට­යුතු නිර­න්ත­ර­යෙන් ගැඹු­රින්ම නිරී­ක්ෂ­ණය කළා. ඒ අනුව මේ ගැට­ලු­ව­ලට ස්ථිර­සාර විස­දු­මක් ලබා දෙන්නට අපි සකස් කළ සැල­සු­ම්වල ප්‍රති­ඵ­ල­යක් විදි­හට තමයි ප්‍රමි­තිය, තත්ත්වය, උසස් බව, ගුණා­ත්ම­ක­භා­වය හා සෞඛ්‍යා­ර­ක්ෂිත බව යන සියලු සාධක තහ­වුරු කළ ප්‍රමි­ති­යෙන් යුතු බව කියැ­වෙන තරු 05කින් සම­න්විත සහ­ති­ක­යක් ඇති ලාංඡ­න­යක් හඳුන්වා දුන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නයේ අනු­මැ­ති­යද මෙම තරු පහේ සහ­ති­කය සඳහා හිමිව තිබෙ­නවා. ශ්‍රී ලංකාවේ තිබෙන සෑම පොල්තෙල් නිෂ්පා­දන ආය­ත­න­යක්ම පොල් සංව­ර්ධන අධි­කා­රියේ ලියා­ප­දිංචි විය යුතුයි. මෙ වන­වි­ටත් නිෂ්පා­ද­ක­යන් 250 ක පමණ පිරි­සක් අප අධි­කා­රිය තුළ ලියා­ප­දිංචි වී තිබෙ­නවා. දේශීය පොල්තෙල් නිෂ්පා­ද­නයේ නිරත වී සිටින සිය­ලුම ආය­තන ඉදි­රි­යේදී මේ වැඩ­ස­ට­හන හරහා නියා­ම­නය කිරී­මත් අපගේ අර­මු­ණක්. මෙරට පොල්තෙල් නිෂ්පා­ද­නයේ ගුණා­ත්මක භාවය ඉහළ නංවන දිගු­කා­ලීන වැඩ­පි­ළි­වෙ­ළක් ලෙස මෙම තරු පහ සහ­ති­කය ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.”

ප්‍රමි­තිය නොමැ­ති­නම් පාරි­භෝ­ගික අධි­කා­රිය නීති­මය පිය­වර ගන්නවා

තාරක විදා­න­ග­මාච්චි

සහ­කාර අධ්‍ය­ක්ෂක පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය

“2017දී ගැසට් එකක් නිකුත් කර තිබෙ­නවා ආහාර සඳහා යොදා ගන්නා පොල්තෙල් නිෂ්පා­ද­නය කළ යුතු ආකා­රය හා එම පොල්තෙල් බෝතල් ලේබල් කරන්නේ කොහො­මද යන කාරණා පැහැ­දිලි කර­මින්. පොල් සංව­ර්ධන අධි­කා­රිය,පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය හා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යන ආය­තන මෙරට නිෂ්පා­ද­නය කෙරෙන පොල්තෙ­ල්වල ප්‍රමි­තිය සොයා බලන කණ්ඩා­ය­මට අයත්. එම ප්‍රමි­තිය තහ­වුරු වූ පසු ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය පිරි­සුදු පොල්තෙල් තෝරා ඒවාට සහ­ති­ක­යක් නිකුත් කර­න්නට කට­යුතු කර­නවා. පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය හැටි­යට මේ කියන කාර­ණ­යේදී අපගේ ප්‍රමු­ඛ­තම වග­කීම වී තිබෙන්නේ මෙලෙස සහ­තික කරන ලද නිෂ්පා­දන වෙළෙ­ඳ­පො­ළට ආවම ඒ පිළි­බ­ඳව පැමි­ණි­ල්ලක් ආවොත් ඒ ගැන සොයා බලා තියෙන ප්‍රමි­ති­යට නොමැ­ති­නම් ඒ සම්බ­න්ධව නීති­මය පිය­වර ගැනී­මයි.

මෙම තරු පහේ ලාංඡ­නය පොල් සංව­ර්ධන අධි­කා­රියේ නිර්දේ­ශ­ය­කින් තොරව ව්‍යාජව හදා­ගෙන ඇත්නම් ඒ සම්බ­න්ධව පිය­වර ගැනී­ම­ටත් අප කට­යුතු කර­නවා. දැනට වෙළෙ­ඳ­පොළේ විකු­ණ­න්නට තිබෙන බෝතල් නොකර අලෙවි කරන (ලූස්) පොල්තෙල් ගැනත් අප ඉතා විම­සි­ලි­මත්. කොප්පරා භාවිත කර හදන පොල්තෙ­ල්වල පුස් හැදෙන්න තියෙන සම්භා­වි­තාව ඉතාම වැඩියි. පොල්තෙල් නිෂ්පා­ද­න­යේදී කොප්පරා කියන්නේ යල් පැන ගිය ක්‍රම­යක්. මේ වන විට අලුත් තාක්ෂ­ණය භාවිත කර පොල්තෙල් නිප­ද­වන ක්‍රම ඕනෑ තරම් තියෙ­නවා. මේ සියලු කරුණු පිළි­බඳ විම­සි­ලි­මත්ව ප්‍රමි­ති­යෙන් යුතු පොල්තෙල් නිෂ්පා­දන සඳහා තරු පහේ ලාංඡ­නය සහිත පොල්තෙල් නිෂ්පා­දන ම මිලදී ගන්නා ලෙස අප සියලු පාරි­භෝ­ගි­ක­ය­න්ගෙන් ඉල්ලා සිටි­නවා.

පිරි­සුදු පොල් තෙල් කියන්නේ ඉතා හොඳ ඖෂ­ධ­යක් 

වෛද්‍ය ලසන්ත විජේ­සේ­කර වෛද්‍ය නිල­ධාරී

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශය

පොල්තෙ­ල්වල මේදය අඩංගු නිසා ආහාර පිසී­මේදී පොල්තෙල් හොඳ නැහැ කියා මත­යක් තිබුණා.එහෙත් සැබෑ­ව­ටම පොල් තෙල් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. විශේ­ෂ­යෙන්ම පොල්තෙ­ල්වල තාප­යට ඔරොත්තු දීමේ හැකි­යාව වැඩියි. තාප ස්ථායි­තා­වය වැඩි නිසා බැඳුම් හා ඉවුම් පිහුම් සඳහා භාවි­ත­යට හොඳයි. පොල්තෙ­ල්වල සංතෘප්ත මේදය වැඩි හරි­යක් ඇවිත් තියෙන්නේ මාධ්‍ය­දාම මේද අම්ල­ව­ලින්. එය සෞඛ්‍ය­යට අහි­ත­කර නැහැ. ශරී­ර­යට හිත­කර ලක්ෂණ පෙන්ව­නවා. සෞඛ්‍ය­යට අහි­ත­කර කොලෙ­ස්ට්‍රෝල් අඩු කර­නවා වගේම හද­ව­තට හොඳ කොලෙ­ස්ට්‍රෝල් තියා­ග­න්නත් පොල්තෙල් උදවු වෙනවා. විශේ­ෂ­යෙන් ම මවු­කි­රි­වල පව­තින රෝග බෝ නොවන ගුණය පොල්තෙ­ල්ව­ලත් පව­ති­නවා. ඒ අනුව පොල්තෙල් යනු ඉතා හොඳ ඖෂ­ධ­යක්.

පිට­ර­ට­වල වෙනත් තෙල් වෙනු­වට පොල්තෙ­ල්වල සුවි­ශේෂ ගුණය පිළි­බ­ඳව පරීක්ෂා කර ඒවා භාවිත කිරීම සඳහා ජන­තාව හුරු­කර තිබෙ­නවා.ජන­තාව බහුල වශ­යෙන් ගොදුරු වී සිටින කොලො­ස්ට්‍රෝල් තත්ත්ව­යට විස­ඳු­මක් වශ­යෙන් දින­කට පොල් තෙල් හැන්දක් පානය කර­න්නත් ඔවුන් අනු­මත කරලා තියෙ­නවා. ඒ වගේම මහලු වියට පත්වී­මේදී සිදු­වන මත­කය නැති වීමේ තත්ත්වය පොල්තෙල් භාවි­ත­යෙන් වළ­ක්ව­ගන්න හැකි­යාව තිබෙන බවද මේ වන විට පරී­ක්ෂ­ණ­ව­ලින් තහ­වුරු වී තිබෙ­නවා. පිට­ර­ට­වල එවැනි තත්ත්ව­යක් තිබි­යදී දේශීය දෙයක් ලෙස අපි පොල්තෙ­ල්ව­ලට මීට වඩා පිළි­ගැ­නී­මක් ලබා දිය යුතු වගේම තව­දු­ර­ටත් පිරි­සුදු පොල්තෙල් භාවි­තය මෙරට තුළ ජන­ප්‍රිය කර­න්නත් කට­යුතු කළ යුතුයි.

Comments